උපවාසයේ සිටින පාසල් සංවර්ධන නිලධාරීන්ට ජනපති සමඟ අද තීරණාත්මක සාකච්ඡාවක්
පාසල් සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට අන්තර්ග්‍රහණය කරන ලෙස ඉල්ලා ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට මාරාන්තික උපවාසයක නිරත වන සංවර්ධන නිලධාරීන් සහ ජනාධිපතිවරයා අතර අද (03) සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.
ඉකුත් 26 වැනිදා ආරම්භ කළ මෙම මාරාන්තික උපවාසය අද (03) වන විට 9 වැනි දිනටත් ක්‍රියාත්මක වෙමින් පවතී.
වසර 6කට අධික කාලයක් පාසල්වල ඉගෙනුම් කාර්යයන්හි නිරත වී සිටින පාසල් සංවර්ධන නිලධාරීන් පිරිසක්, තමන් ගුරු සේවයට අන්තර්ග්‍රහණය කරන ලෙස ඉල්ලා මෙම උපවාසය ආරම්භ කර ඇති බව සඳහන් වේ.