පාසල් 200ක් සඳහා අලුත් වැඩක් ආරම්භ කරයි..එම පාසල් වලට සුපිරි අවස්ථාවක්..

Report

ගාලු දිස්ත්‍රික්කයේ පාසල් 200ක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ගිවිසුමක් ඇතිකරගෙන තිබෙනවා.

ඒ, නවීන පරිගණක විද්‍යාගාර සහ ස්මාර්ට් පන්ති කාමර පිහිටුවීම කඩිනම් කිරීමේ අරමුණෙන් බවයි පැවසෙන්නේ.

ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් එම්.එන්.රණසිංහ මහතා විසින් පෙරේදා (19) දිනයේ මෙම ගිවිසුම අත්සන් තැබූ බව කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය ප්‍රකාශ කළා.

ශ්‍රී ලංකා රජය විසින් නියම කරන ලද රාමුවට අනුකූලව මෙය සිදුකිරීමට නියමිත බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.