15 හැවිරිදි සිසුවිය තනිවම රැගෙන ගිය 26 හැවිරිදි තරුණයා කරපු වැඩේ මාට්ටු වෙයි..
CID - Sri Lanka Police
Police spokesman
Sri Lanka Police
Sri Lanka Police Investigation
Education
By Aruna
පහළොස් හැවිරිදි සිසුවියක් නිවැසියන්ට හොරරහසේ මුහුණු පොතෙන් හඳුනාගත් තරුණයෙකු සොයා මුල්ලේරියාව ප්‍රදේශයට ගොස් එහිදී එම තරුණයා අතින් ඇය දූෂණයට ලක්වී ඇති බව අනාවරණය වී තිබෙන පුවතක් වාර්තා වනවා.
මෙම පුවත වාර්තා වන්නේ, අළුත්ගම පොලිස් වසමට අයත් දර්ගා නගරය ප්‍රදේශයෙන්.
දියණිය තනිව නිවසෙන් පිටව ගොස් නැවත නිවසට නොපැමිණීම පිළිබඳ සොයා බලා ඇගේ මව අලුත්ගම පොලිසියට කළ පැමිණිල්ල ඔස්සේ විමර්ශන සිදු කර තිබේ.
ඒ ඔස්සේ ක්‍රියාත්මක වූ පොලීසිය මෙම සැකකාර තරුණයා අත්අඩංගුවට ගෙන තිබෙන බවයි පැවසෙන්නේ.
ඔහු මුල්ලේරියාව ප්‍රදේශයේ පදිංචි අවුරුදු 26ක වනවා.
ඒ අනුව සිදුකළ විමර්ශනවලදී අලුත්ගම පොලිසිය අනාවරණය කර ගත් තොරතුරු මත සැකකාර තරුණයා හා එම සිසුවිය අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.
