ගුරුවරයෙක් සිසුවියකට කළ අයුතු වැඩකින් වහාම පාසලක් වසා දමයි..

Ministry of Education Jaffna Sri Lanka Education
By Aruna May 08, 2023 05:26 AM GMT
Aruna

Aruna

Report

යාපනයේ අරියාලේ පූම්ඹුකාර් පාසලක ගුරුවරයෙකු විසින් ශිෂ්‍යාවකට කළ අයුතු ලිංගික බලපෑමක් දුර දිග යාම නිසා එම පාසලේ ගුරුවරුන්ගේ ආරක්ෂාව වෙණුවෙන් එම පාසල වසා දැමීමට පියවර ගෙන තිබුණා.

එම පාසල අද යළි ආරම්භ කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී තිබෙන බවයි වාර්තා වන්නේ.

අදාල ගුරුවරයා එම පාසලේ ගණිත ගුරුවරයා වන අතර ඔහුගෙන් ශිෂ්‍යාවකට පාසලේදී හා පසුව දුරකතන ඇමතුම් මාර්ගයෙන් අයුතු ලෙස බලපෑම් කොට ලිංගික කාර්යන්ට ඇයව නැඹුරු කරවා ගැනීමට උත්සහ කොට තිබෙනවා.

මේ පිළිබදව සිසුවිය විසින් දෙමව්පියන්ට තොරතුරු ප්‍රකාශ කිරීමෙන් පසුව දෙමව්පියන් සිද්ධිය සම්බන්ධයෙන් පොලීසියට පැමිණිලි කොට තිබේ.

සිද්ධිය සැලවීමත් සමගම ගම්වාසීන් පිරිසක් එම පාසලට කඩා පැන ගුරුවරයාට පහර දීමට උත්සාහ කොට ඇතත් සෙසු ගුරුවරු විසින් සිද්දියට මුහුණ දුන් ගුරුවරයාව බේරා ගෙන තිබෙනවා.

ඒ හේතුව මත ගම්වාසීන් පාසලේ සියළුම ගුරුවරුන්ට හා විදුහල්පතිවරයාට තර්ජන එල්ල කිරීම නිසා පාසල වසා දැමීමට පියවර ගෙන ඇත.

මේ නිසා යාපනයේ අධ්‍යාපන බලධාරීන් විසින් පාසල් ළමුන්ගේ දෙමව්පියන් සමග විශේෂ සාකච්ඡාවක් කැදවා ප්‍රශ්නයට විසදුමක් ලබා ගැනීමට පියවර ගෙන ඇත.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now


ReeCha