කොමර්ෂල් බැංකුවේ සියලුම ගණුදෙනුකරුවන්ට විශේෂ නිවේදනයක්
කොමර්ෂල් බැංකුව මඟින් එහි ගණුදෙනුකරුවන්ට විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇත. ඒ අනුව එම විශේෂ නිවේදනය පහතින්,
"කොමර්ෂල් බැංකුවේ ඩිජිටල් බැංකු පද්ධතිය සයිබර් ප්‍රහාරයකට ලක් වී ඇති බවත් මේ හේතුවෙන් ගනුදෙනුකරුවන්ගේ ගිණුම් වල ඇති මුදල් අනාරක්ෂිත බවත් පවසමින් සමාජ මාධ්‍යයන්හි සංසරණය වන වාර්තා පිලිබඳ අපගේ අවධානය යොමු වී ඇත. කොමර්ෂල් බැංකුවෙහි සියළුම ඩිජිටල් බැංකු පද්ධති සහ යෙදුම් (Apps) ස්ථාවර සහ සුරක්ෂිත බව ද ඒ සඳහා ජාත්‍යන්තර තත්වයේ ආරක්ෂක ක්‍රියාමාර්ග නිරතුරුව ක්‍රියාත්මක වෙමින් පවතින බවද අවධාරණය කරමු. අපගේ පද්ධති හෝ පාරිභෝගික ගිණුම් සඳහා කිසිදු අවධානමක් නොමැති බව වගකීමෙන් ප්‍රකාශ කර සිටිමු. තම පෞද්ගලික මූල්‍ය තොරතුරු (OTP, මුරපද හෝ ගිණුම් විස්තර) කිසිදු තෙවැනි පාර්ශවයක් වෙත ලබා නොදෙන ලෙසත් සැක සහිත වෙබ් අඩවි වෙත පිවිසීමෙන් වළකින ලෙසත් අපගේ ගනුදෙනුකරුවන්ගෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමු."