රුසියාව වෙනුවෙන් පුළුවන් හැමදේම කරනවා’ -කිම්ගෙන් පොරොන්දුවක්

Report

රුසියාව වෙනුවෙන් ‘කළ හැකි සෑම දෙයක්ම සිදුකරන’ බව උතුරු කොරියානු නායක කිම් ජෝන් උන් විසින් ජනාධිපති ව්ලැද්මීර් පුටින් වෙත පොරොන්දු වී තිබෙනවා.

මේ වනවිට ඔවුන් දෙදෙනාම සිටින්නේ චීනයේයි. ඒ චීනය විසින් අති උත්කර්ෂවත් ලෙස සැමරූ දෙවනි ලෝක යුද ජයග්‍රහණයේ 80 වැනි සංවත්සරයේ හමුදා පෙළපාලියට සහභාගී වීමටයි. ඊට සමගාමීව පැවති හමුවකදී කිම් මේ බව පවසා තිබුණා. හමුදා පෙළපාළියට සහභාගි වීමෙන් පසුව කිම් සහ පුටින් එකම මෝටර් රථයක නැගී සංචාරයට එක්ව තිබුණා.

නිවාඩු දවසෙත් වැඩ කරන්න වෙයි, 4.30ටම යන්න බැරිවෙයි - රාජ්‍ය සේවකයන්ට අගමැතිනි කියූ දේ

නිවාඩු දවසෙත් වැඩ කරන්න වෙයි, 4.30ටම යන්න බැරිවෙයි - රාජ්‍ය සේවකයන්ට අගමැතිනි කියූ දේ

ද්වීපාර්ශ්වික සාකච්ඡාව පවත්වා තිබුණේ එහිදීයි. ‘ඔබටත් රුසියානු ජනතාව වෙනුවෙනුත් මට කළ හැකි කිසියම් හෝ දෙයක් වේ නම්, එය මම සහෝදර වගකීමක් ලෙස සළකනවා’ යැයි එහිදී කිම් පුටින්ට පවසා තිබෙනවා. 2024 දි දෙරට අතර දැඩි ආරක්ෂක බැඳීමක් හටගැනුණේ ජාත්‍යන්තර සම්බාධක හමුවේ දෙපාර්ශ්වයම බරපතළ අභියෝගවලට මුහුණ දී සිටින මොහොතකදීයි.

ලබන වර්ෂයේ මුල සිටම සියලු රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ඉහලට වැඩි වෙන්නේ මෙහෙමයි

ලබන වර්ෂයේ මුල සිටම සියලු රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ඉහලට වැඩි වෙන්නේ මෙහෙමයි

රුසියාවට යුක්‍රේන ආක්‍රමණය වෙනුවෙනුත් උතුරු කොරියාවට න්‍යෂ්ටික අවි වැඩසටහන වෙනුවෙනුත් සම්බාධක පැනවුණා. යුක්‍රේන ආකමණය වෙනුවෙන් උතුරු කොරියාවේ සෙබළු දහස් ගණනක් රුසියාවට යැවීමට කිම් කටයුතු කර තිබුණා. ඉන් බොහොමයක් ගැටුම්වලදී මියගිය බවට ද විදෙස් වාර්තා සඳහන් කළා.

Google යන්න බැරි වෙයි, සමාජ මාධ්‍ය අවහිරයක් ගැන විශේෂ නිවේදනයක්

Google යන්න බැරි වෙයි, සමාජ මාධ්‍ය අවහිරයක් ගැන විශේෂ නිවේදනයක්