පාසල් සිසුන් විශාල පිරිසක් අසාධ්‍ය තත්ත්වයෙන් රෝහලට... හදිසියේම සිදුවූ දේ මෙන්න.

Accident Education Walachcena school
By Aruna Mar 14, 2022 11:34 PM GMT
Aruna

Aruna

Report

වාලච්චේන උත්තුචෙනයි කනිෂ්ඨ විද්‍යාලයේ සිසුනට ලබාදුන් ආහාර විෂ වී එම විද්‍යාලයේ සිසුන් 64 දෙනකු අසාධ්‍ය තත්වයෙන් වැලිකන්ද රෝහලට ඇතුළත් කර ඇති බව වාලච්චේන පොලිසිය පවසනවා.

සිද්ධිය වූ ඊයේ(15) දින විද්‍යාලයේ සිසුන් හැට හතර දෙනකු පාසල් පැමිණ ඇති අතර ඔවුන් සඳහා දහවල් ආහාරය ලෙස ලබාදී ඇත්තේ බත් සමග සෝයාමීට් බවත්, ඉන්පසු එම සිසුන්ට වමනය කලන්තය රෝග ලක්ෂණ මතු වීමත් සමග එම සිසුන් රෝහලට ඇතුළත් කිරීමට පියවර ගත් බව විදුහල්පති රාජ් කුමාර මහතා අප කළ විමසීමකදී ප්‍රකාශ කළා.

එම විද්‍යාලයේ 1 වසරේ සිට 11 වසර දක්වා 65 දෙනකු සිසුන් අධ්‍යාපනය ලබන අතර ආහාර විෂ වීමෙන් සිසුන් සියලු දෙනා වැලිකන්ද රෝහලට ඇතුළත් කර ඇති බව පරීක්ෂණ සිදුකරන වාලච්චේන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලසන්ත බණ්ඩාර මහතා අප කළ විමසීමකදි කියා සිටියා.

රෝහලට ඇතුලත් කරන ලද සිසුන්ගේ තත්ත්වය සාමාන්‍ය බවත් එක් සිසුවකු වැඩිදුර ප්‍රතිකාර සඳහා පොලොන්නරුව මහ රෝහලට ඇතුළත් කර ඇති බවත් සෙසු සිසුන් වැලිකන්ද රෝහලේ ප්‍රතිකාර ලබන බව රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 

Join now


ReeCha