පාසල් සිසුන් විශාල ප්‍රමාණයකට සුවිශේෂී අවස්ථාවක් හිමි වෙයි..ලබන 09 යේ සිට 20 දක්වා අයදුම් කරන්නැයි දැනුම්දෙයි.

Report

පොලී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමය යටතේ මෙවර සිසුන් හත්දහසකට ණය ලබා දීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී තිබෙනවා.

මේ සඳහා මෙම මස 9 වැනිදා සිට 20 වැනිදා දක්වා අයැදුම්පත් කැඳවීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇති බවයි පැවසෙන්නේ.

අද හදිසි ධන වාසනාවක්..මේ ලග්න වල අය ටිකට් එකක් අරගෙනම බලන්න..

අද හදිසි ධන වාසනාවක්..මේ ලග්න වල අය ටිකට් එකක් අරගෙනම බලන්න..


උපරිම රුපියල් ලක්ෂ පහළොවක් දක්වා කාණ්ඩ පහක් යටතේ මෙවර ණය ලබා ගැනීමට හැකි වන අතර උසස් අධ්‍යාපන ආයතන දහඅටක උපාධි පාඨමාලා සඳහා සිසුන්ට අයැදුම් කළ හැකි බවයි පැවසාන්නේ.

රුපියල් ලක්ෂ පහළොවක් ලබා දෙන්නේ ඉංජිනේරු පාඨමාලා සඳහා වන අතර, විද්‍යා පාඨාමාලා සඳහා රුපියල් ලක්ෂ දොළහක්ද තොරතුරු තාක්ෂණ පාඨාමාලා සඳහා රුපියල් ලක්ෂ දහයක්ද වශයෙන් ණය හිමිකම ලබා ගත හැකි වනවා.

කළමනාකරණ පාඨමාලා සඳහා හිමිවන ණය මුදල රුපියල් ලක්ෂ දහයක් වන අතර සමාජ විද්‍යා පාඨාමාලා වෙනුවෙන් රුපියල් ලක්ෂ අටක් හිමිවේ.

මෙම ණය මුදල ලබා ගැනීම සඳහා මෙවර ඇපකරුවන් දෙදෙනකු අනිවාර්ය කර තිබීමද විශේෂත්වයක්.

මව හෝ පියා පළමු ඇපකරුවා ලෙස අත්සන් කළ යුතු වන අතර දෙවැනි ඇපකරුවා ණය මුදල අනුමත කෙරෙන බැංකුවේ අවශ්‍යතාව අනුව ඉදිරිපත් කළ යුතු වනවා.

අද සිට දිවයින පුරා කාලගුණයේ ප්‍රබල වෙනසක්..විශේෂයෙන් මේ ප්‍රදේශ වලට.

අද සිට දිවයින පුරා කාලගුණයේ ප්‍රබල වෙනසක්..විශේෂයෙන් මේ ප්‍රදේශ වලට.


ඇපකරුවන්ගේ අවශ්‍යතාව මෙවර අනිවාර්ය කර ඇත්තේ මෙතෙක් ණය ලබාගෙන ඇති සිසුන් දෙසිය අනූ දෙදෙනෙක් ණය මුදල ගෙවීම පැහැර හැර තිබීම නිසා බවයි පැවසෙන්නේ.

මෙවර මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරෙන්නේ අටවැනි වරට වන අතර මෙවර අයැදුම් කළ හැකි වන්නේ පසුගිය 2022 වසරේ උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන්ට පමණක් බවයි දැනුම්දී ඇත්තේ.