අද සිට දිවයින පුරා කාලගුණයේ ප්‍රබල වෙනසක්..විශේෂයෙන් මේ ප්‍රදේශ වලට.

Report

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (06) වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටිනවා.

ඒ අනුව, ඌව පළාතේත් මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි දැනුම්දී ඇත්තේ.

ප්‍රබල ජනාධිපති අපේක්ෂකයෙක්ට ප්‍රහාරයක් එල්ල කිරීම ගැන ආරංචියක්..

ප්‍රබල ජනාධිපති අපේක්ෂකයෙක්ට ප්‍රහාරයක් එල්ල කිරීම ගැන ආරංචියක්..


මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල සහ උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත්, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (35-45)ක පමණ තද සුළං ඇතිවිය හැකි බව දැනුම්දී තිබේ.

එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.

එමෙන්ම දෘශ්‍ය ලෙස සූර්යයා දකුණට ගමන් කිරීමේදී, අගෝස්තු මස 28 වන දින සිට අද(06) දින දක්වා ශ්‍රී ලංකාව ආසන්න අක්ෂාංශ වලට සෘජුවම ඉහලින් පවතින බවද එම දෙපාර්තමේන්තුව පවසයි.

අද හදිසි ධන වාසනාවක්..මේ ලග්න වල අය ටිකට් එකක් අරගෙනම බලන්න..

අද හදිසි ධන වාසනාවක්..මේ ලග්න වල අය ටිකට් එකක් අරගෙනම බලන්න..


එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, අද දහවල් 12:08ට හික්කඩුව, වලස්මුල්ල සහ හම්බන්තොට ප්‍රදේශවලට හිරු මුදුන්ව පවතින බවයි.