පාසල් සිසුවියන් බඳ පටි පැළඳීම හැකිතාක් අවම කරන්න..ටයි පටියත් ලිහිල් කරන්න..සියලු දරුවන්ට දැනුම්දීමක්..

Ministry of Education A D Susil Premajayantha Sri Lankan Schools Education
By Aruna Mar 13, 2024 04:43 AM GMT
Aruna

Aruna

Report

පවතින අධික උෂ්ණත්වය සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් පාසැල් දරුවන් විසින් පිළිපැදිය යුතු ක්‍රියාකාරකම් පිළිබඳ අධ්‍යාපන අමාත්‍යංශය නව නිර්දේශ මාලාවක් ඉදිරිපත් කර තිබෙනවා.

සිසුන්ගේ පෞද්ගලික පෙර සූදානම යටතේ නිර්දේශ ඉදිරිපත් කරමින් අධ්‍යාපන අමාත්‍යංශය පවසන්නේ සිසුවියන් බඳ පටි පැළඳීම හැකිතාක් අවම කළ යුතු බවයි.

අවශ්‍ය අවස්ථාවලදී ටයි පටිය නොපැළඳීම හෝ ටයි පටියේ ගැටය ලිහිල් කිරීම සිදු කළ යුතු බවට ද දන්වා තිබේ.

අධික හිරු එළිය සහිත පරිසරයේදී හොඳින් හිස ආවරණය වන හිස් වැසුමක් හෝ කුඩයක් භාවිත කළ යුතු බවට නිර්දේශ කර ඇත.

මෙම නිර්දේශ මාලාව යටතේ අධික උෂ්ණත්වය සහිත දිනවල සිසුන් එළිමහනේ සහ ක්‍රීඩා පිටියේ ක්‍රියාකාරකම්වල යෙදවීම තවදුරටත් වළක්වා තිබෙනවා.

වැඩිපුර ජලය පානය සහ වෙහෙස නිවා ගැනීම සඳහා කෙටි විවේක කාල 02ක් ලබා දීමත් අත්‍යවශ්‍ය නොවන අවස්ථාවලදී සිසුන් පිටතට ගෙන යාමෙන් වළකින ලෙසටත් එමගින් දන්වා ඇත.

පවතින අධික උෂ්ණත්වය සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් පාසැල් දරුවන් සම්බන්ධයෙන් ගුරුවරුන් සහ දෙමාපියන් සැලකිලිමත් විය යුතු විශේෂ කරුණු ඇතුළත් අධ්‍යාපන අමාත්‍යංශය නිකුත් කළ වාර්තාව පහතින් දැක්වේ.

GalleryGalleryGallery
ReeCha