කොළඹ වරායට ආ සයාද්‍රි යුධ නෞකාව

By Hashini Apr 05, 2025 11:08 AM GMT
Report

ඉන්දියානු නාවික හමුදාවට අයත් ‘INS SAHYADRI’ යුද නෞකාව තෙදින නිල සංචාරයක් සඳහා ඊයේ (4) දින කොළඹ වරායට සේන්දු වී තිබෙනවා.

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීම කොළඹ වරායේදී සිදු කර තිබෙනවා .

මෙලෙස දිවයිනට පැමිණි ෆ්‍රිගේට් වර්ගයේ යුද නෞකාවක් වන ‘INS SAHYADRI’, දිගින් මීටර් 143 ක් හා නැව්මුළුව 320 ක ගෙන් සමත්විත වන අතර, එහි අණදෙන නිලධාරී ලෙස කපිතාන් රාජත් කුමාර් (Captain Rajat Kumar) කටයුතු කරනු ලබන බවයි වාර්තා වන්නේ .

‘INS SAHYADRI’ නෞකාව දිවයිනේ රැඳී සිටින කාලසීමාව තුළ දෙරටේ නාවික හමුදාවන්ගේ සුහදත්වය වර්ධනය කිරීම වෙනුවෙන් සංවිධානය කරනු ලබන විවිධ වැඩසටහන් සඳහා  එහි නැව්මුළුව සහභාගී වන අතරම දිවයිනේ ආකර්ෂණිය සංචාරක ස්ථාන නැරඹීම සඳහා ද සහභාගි වීමට නියමිතව තිබෙනවා .

නිල සංචාරය අවසන් කරමින් ‘INS SAHYADRI’ නෞකාව අනිද්දා දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි.