ඔබේ ඉකිළි - කිහිලි කළු නම් මේ දේවල් කරලා බලන්න ලොකු වෙනසක් වේවි
ගොඩක් ගැහැනු ළමයි ෆැෂන් කරන්න ගොඩක් කැමතියි . හැබැයි විවිධ හේතු නිසා ඒකට බයයි . ඒ අතර තියන ප්‍රධාන හේතුවක් තමයි ගැහැනු ළමයිගේ ඉකිළි, කිහිලි, දණහිස්වල තියෙන අඳුරු පෙනුම.
ඒ ගැටළු වලින් පීඩා විදින ඔයාට විසදුම් ගොඩක් තියනවා. මෙලෙස ගැහැනු ළමයිගේ ඉකිළි, කිහිලි, දණහිස්වල තියෙන අඳුරු පැහැ ගන්න හේතුවක් විදිහට ශරීරයේ පවතින අධික ස්ථුලතාව හදුන්වන්න පුළුවන් . ශරීරය මහත් වීමත් සමග ඉකිළි, කිහිලි තදින් ඇතිල්ලීමක් වෙන නිසා .
මේ නිසා එම ස්ථානවල සමේ පැහැය තද පැහැයක් ගන්නවා .ඒ වගේම බෙල්ල වටේ කළුවීමක් සමහර අයගෙ දකින්න පුළුවන්. ඒ වගේම මේ සදහා තවත් හේතුවක් වෙන්නේ ශරීරයේ ඇති සීනි මට්ටම ඉහළ යාමයි. ඒ වගෙ අවස්ථාවකනම් වෛද්‍ය උපදෙස් ගැනීම සුදුසුයි.
මේ ප්‍රශ්ණෙට විසදුම් විදිහට ඔයාට මේ දේවල් කරන්න පුළුවන් ඔබ ඇඳුම් මිල දී ගැනීමේ දී කපු මිශ්‍ර ඇඳුම් තෝරාගන්න කටයුතු කරන්න.
ඒ වගේම ඔබේ ශරීරයේ උසට සරිලන බරක් තබා ගත යුතුයි. ඒ සදහා ඔබ ආහාර ගැනීමේ දී ඒ ගැන සැළකිලිමත් වෙන්නට ඕනෙ. දිනපතා ව්‍යායාම්වල නිරත වීමෙන් ද ඔබට ඔබේ බර පාලනය කරගන්න හැකියාව තියනවා. ඒ වගේම විටමින් ඌනතා නිසාත් ඉකිළි, කිහිලි, දණඉස් අඳුරු පැහැවෙනවා.
ඔබ විටමින් භාවිතය ද ඉතා වැදගත් වෙනවා. ඉතිං ඔබේ ශරීරයට ඌන විටමින් මොනවාදැයි සොයාබලා ඒවා ශරීරයට ලබා ගන්නට එය ඉතා වැදගත් වෙයි. නමුත් ඒ සදහා වෛද්‍ය උපදෙස් ලබාගන විටමින් ළබා ගැනීම කළ යුතුයි.
මේ සදහා ඔබට නිවසේ දී කළ හැකි දේවල් මොනවාද කියලා බලමු.
දෙහි යුෂ මේස හැඳි එකක් සහ කහකුඩු තේ හැන්දක ප්‍රමාණයක් ගෙන එයට පොල්තෙල් මිශ්‍ර කර මිශ්‍රණයක් සකසාගෙන පසුව මෙම මිශ්‍රණය සමේ කළු පැහැගැන්වී ඇති ස්ථානවල ආලේප කර විනාඩි 30ක කාලයක් තබා ඉන්පසු සාමාන්‍ය ජලයෙන් සෝදා හරින්න.
තවද ඔබට මෙවැන්නක් කළ හැකියි.

දෙහි පෙති දෙකක් කපාගෙන එය කිහිලි යටින් විනාඩි 10 ක පමණ කාලයක් තබා ගෙන සිට සෝදා හැරීම තුළින් ද යම් තරමක අඳුරුපැහැ අවම වීමක් සිද්ධ වෙනවා.
ඒ වගේම ඉකිළි, කිහිලි නිතරම පිරිසුදුව තබා ගැනීමත් ගොඩක් වැදගත් වෙනවා.
ඔබගේ අනවශ්‍ය රෝම ඇත්නම් ඒවා ඉවත් කරන්න. තවද එතැන දී පිරිසුදුභාවය ගැන අවධානය යොමු කරන්න .
ඒ වගේම කහකුඩු තේ හැඳි එකක්, යෝගට් මේස හැඳි දෙකක් සහ මී පැණි බිංදු තුන හතරක් දමා මිශ්‍රණයක් සකසාගෙන ඉන්පසු එය දණඉස්වල, ඉකිළි, කිහිලිවල ආලේප කර විනාඩි 30කට පමණ පසු මද උණුසුම් ජලයෙන් සෝදා ඉවත් කර ගත යුතුයි .
එය ඔබේ අවපැහැ වී ඇති ඉකිළි, කිහිලි, දණහිස් පැහැපත් වෙන්නට හේතුවක් වේවි .

තවත් ඔබට කළහැකි දෙයක් නම් අර්තාපල් අලයක් ගෙන ශුද්ධකර සෝදා ගන ඉන් පසුව එහි යුෂ භාජනයකට හොඳින් මිරිකා ගන්න. එයට දෙහි යුෂ මේස හැන්ඳක් සහ බේකින් සෝඩා ස්වල්පයක් කළු වි ඇති ස්ථානවල ආලේප කරන්න.විනාඩි 20කට පමණ පසුව සෝදාහරින්න.

ඒ වගේම ඔබට පහසුවෙන් කළ හැකි දෙයක් වනුයේ කෝමාරිකා මදය ගෙන එය හොඳින් පෙණ එන තෙක් බීට් කරගන පසුව එම යුෂ සම අවපැහැ ගැන්වී ඇති ස්ථානවල ආලේප කර විනාඩි 30කට පමණ පසුව සෝදා හැරීමයි .
මෙවැනි විවිධ වූ ක්‍රියාවන් මගින් ඔබේ අවපැහැ වූ ඉකිළි, කිහිලි, දණහිස්වල තියෙන අඳුරු පෙනුම ඔබට අවම කර ගත හැකියි. ඔබත් ඔබට පහසු ක්‍රමවේදයන් උත්සාහ කර බලන්න ප්‍රථිඵල ලැබේවි.