සතොස සහල් මිලේ වෙනසක්..එකවරම සිදු වූ දේ මෙන්න.

Sri Lanka Business Sathosa Rice prices
By Aruna Jan 30, 2022 12:22 AM GMT
Aruna

Aruna

Report

සතොස හරහා අලෙවිකරන ආනයනික සම්බා සහල් කිලෝවක් රුපියල් දෙකකින් අඩුකිරීමට පියවර ගෙන තිබෙනවා. මේ බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මාධ්‍ය වෙත අදහස් දැක්වීමක් සිදු කළා.

ඒ අනුව රුපියල් 130කට සතොස අලෙවි කළ ආනයනික සම්බා සහල් කිලෝවක් ඊයේ (29) සිට රුපියල් 128කට අලෙවි වන බව සඳහන්.

එමෙන්ම වරායේ තවත් සහල් විශාල තොගයක් හිර වී ඇති බවත් එය නිදහස් කර ගත් විට වෙළෙඳපොළේ සහල් මිල තවත් අඩු වන බවත් ඔහු සඳහන් කළා.

සහල් තොග මිල සොයා බැලීම සඳහා ඊයේ පෙරවරුවේ පිටකොටුව සහල් තොග වෙළඳසල්වල නිරීක්ෂණ චාරිකාවක නිරත වූ අවස්ථාවේදී ඔහු මේ අදහස් පළකළා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now