මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තයේ ගෝලීය සලකුණෙන් පිදුම් ලැබූ Sarrita Jewellery.
දිවයිනේ ප්‍රමුඛතම ස්වර්ණාභරණ නිෂ්පාදකයෙකු වන Sarrita Jewellery මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තයේ 'ගෝලීය සලකුණක්' ලෙස ඉන්දියාවේ මැණික් හා ස්වර්ණාභරණ අපනයන ප්‍රවර්ධන කවුන්සිලය (GJEPC) විසින් පසුගියදා ඇගයීමට ලක් කරන ලදී.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි හි ඉන්ටර්කොන්ටිනෙන්ටල් හෝටලයේ පැවති GJEPC විසින් සංවිධානය කරන ලද ජාත්‍යන්තර මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනයේ තුන්වන අදියරයේදී මෙම උපහාරය සංවිධානය කරන ලදී.
ඒ සඳහා ඉන්දීය මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්තකරුවන් 50කට වැඩි පිරිසක් සහ ජාත්‍යන්තර ගැනුම්කරුවන් 300ක් සහභාගි වූහ.
1980 දශකයේ මැද භාගයේදී මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තයට පිවිසි ආර්. බාලසුප්‍රමනියම්, පී. මුරුගේසු සමඟ එක්ව 2004 වර්ෂයේදී Sarrita සන්නාමය ආරම්භ කල අතර , එතැන් සිට, එහි මූලයන් දේශීය හා විදේශීය ගණනාවකට ව්‍යාප්ත විය.
Sarrita නිෂ්පාදන අතර වළලු, බ්රේස්ලට්, කරාබු, මාල, පෙන්ඩන්ට්, මුදු, රන් කාසි යනාදී ආභරණ Rose Gold, White Gold, Diamond සහ Yellow Gold වලින් සාදන ලදී .
එසේම ඔවුන්ගේ Wedding Packages යටතේ එන Wedding Necklace & Wedding Rings සහ Engagement Rings ය.
එමෙන්ම ජාත්‍යන්තර සහ Customized Jewellery අභාරණද ඉල්ලුම වැඩිම නිෂ්පාදන අතර වීම විශේෂත්වයක්.
ඒ අනුව මේ පිලිබඳ ආර්. බාලසුප්‍රමනියම් සිය අදහස් ප්‍රකාශ කලේ මෙසේය ,
“අපගේ ගනුදෙනුකරුවන් අප වෙත පැමිණෙන්නේ ඔවුන්ගේ වෙහෙස මහන්සි වී උපයාගත් මුදල් සහ ඉතිරුම්ද සමගය. ඔවුන්ට සහතික කළ සේවාවක් ලබාදීමේ වගකීම අප සතුයි. ඔවුන් සියලු දෙනාටම සුවිශේෂී ආභරණ සමඟින් සේවය කිරීම අපගේ සතුට වන අතර ඒ සඳහා අපගේ කැපවීම කර්මාන්තයක් ලෙස දියුණු කර ඇත. මෙම උපහාරය අපට හැඟෙන්නේ වසර ගණනාවක් පුරා අපගේ නොපසුබස්නා උත්සාහය, කැපවීම සහ දූරදර්ශී නායකත්වය නොසලකා හැර නැති බවයි." යනුවෙනි.
