වහාම නව අගමැතිවරයෙක් පත් කරන්න...ඉන්පසුව කරන දේ ගැන ප්‍රබලයෙකු දැනුම් දෙයි..(VIDEO)

Sri Lanka Political
By Aruna Apr 08, 2022 12:07 AM GMT
Aruna

Aruna

Report

යෝජනා සම්මතයක් මගින් නව අගමැතිවරයෙක් සහ ඇමති මණ්ඩලය පත්කරගැනීමේ ව්‍යවස්ථාපිත බලයක් පාර්ලිමේන්තුව සතු බැවින් මේ අවස්ථාවේ වහාම ඒ සඳහා කටයුතු කළ යුතු බව හිටපු අගවිනිසුරු සරත් එන් ද සිල්වා මහතා පවසනවා.

පාර්ලිමේන්තුවේ ආසන 113ක බහුතරයක් පෙන්වන අයෙකුට අගමැතිධූරය භාරදෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා පැවසුවත් මෙවැනි අවස්ථාවක ඔහුගේ මතය අවශ්‍ය නොමැති බවයි හිටපු අගවිනිසුරුවරයා පෙන්වා දෙන්නේ.

හිටපු අගවිනිසුරුවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (7) පැවති මාධ්‍ය හමුවක් අමතමින්.

වර්තමානයේ දී මතුව ඇති ආණ්ඩුව පිළිබඳ අර්බුදයට විසඳුම් ලබාගත යුත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් පමණක් බව ද සරත් එන් සිල්වා මහතා වැඩිදුරටත් කියා සිටියා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now