“යන තැනත් පරිස්සමෙන් සතුටින් ඉන්න තාත්තේ” සරත් චන්ද්‍රසිරිගේ පුතු තැබූ සංවේදි සටහන
සරත් චන්ද්‍රසිරි කියලා කියන්නේ එදා මෙදා තුර කලා ක්ෂේත්රය තුළ බිහි වූ අද්විතීය රංගධරයෙක්.
වේදිකා නාට්‍ය ඔස්සේ කරලියට පිවිසි සරත් ගුරු තරුව නම් වේදිකා නාට්‍ය ඔස්සේ අද්විතීය රංගන කුසලතාවයක් විදහා දක්වමින් රසික හදවත සියුම්ව ස්පර්ශ කිරීමට සමත් වුණා.ඒ වගේම තමයි තවත් වේදිකා නාට්‍ය ගණනාවක සිය රංගන කුසලතාවය පෙන් වූ මොහු පුංචි තිරය ඔස්සේද රිදී තිරය ඔස්සේ ද තාත්වික රංගනය ඔස්සේ රසික හදවත් දිනා ගැනීමට සමත්කම් දැක්වූවා.
ඒ නිසාම තමයි අදටත් ඔහු සමගිපුර වසන්ත යන නමින් රසිකයා ආමන්ත්‍රණය කරන්නේ. ඔහුට ලැබෙන ඕනෑම චරිතයක් කිසිදු පැකිලීමකින් තොරව රඟ දැක්වීමට ඇති හැකියාව නිසාමයි ඔහු රඟපාන විවිධාකාරයේ චරිත සියල්ලක්ම රසිකයා ඉතාමත්ම කැමැත්තෙන් සහ ආදරයෙන් වැළඳ ගන්නේ.
ඉතින් මේ තරම් විශාල මෙහෙයක් කලා ක්ෂේත්රය තුළ සිදු කළ මොහු පසුගිය දිනක දී රෝගාතුර ව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ලංකාවාසි සියල්ලක්ම හඬවා අප අතරින් සදහටම සමු ගන්නට සිදුවුනා.මේ සමුගැන්ම දරාගත නොහැකි වූයේ රසිකයන් වන අපට පමණක් නොවේ.
ඔහුගේම ලෙයින් උපන් ආදරණීය පුතණුවන්ට එය ඉතාමත්ම ශෝකජනක අවස්ථාවක් වුණා.ඉතින් පියාගේ වියෝවෙන් තැවෙන සරත් චන්ද්‍රසිරි මහතාගේ පුතු ඉතාම සංවේදී සටහනක් මුහුණු පොතේ සනිටුහන් කරලා තිබුණා
.ඒ තමයි, “ශිල්ප සතර දී සිහසුන හිදුවා ඔබට අහිමි ලොව මා රජ කරවා ඈත භවේ සිට බලාන ඉන්නේ නෑ ඔබ වන් පියවරු හමුවන්නේ පියාණනි මා නැවත උපන්නොත් අපාර වු මේ සංසාරේ ඔබේම පුතු වේවා ඔබේම පුතු වේවා මෙහේ හිටියා වගේම යන තැනත් පරිස්සමින් සතුටින් ආතල් එකේ ඉන්න ඕනි තාත්තේ.
ආදරෙයි”
යනුවෙන් තමයි ඔහු මුහුණු පොතේ සටහන් කරලා තිබුණේ.ඉතින් අප අතරින් සදහටම වියෝ වුනු සරත් චන්ද්‍රසිරි ආදරණීය කලාකරුවානන්ට නිවන් සුවය ප්‍රාර්ථනා කරනවා.