මේ නත්තලට පහුවදා වෙඩින් එක ගන්න ඕනි කිව්වේ වින්ඩිමයි.26 වෙඩින් එකට ලෑස්ති වෙන වින්ඩි ගැන අම්මා කියන කතාව (PHOTOS)

By Sithumi Dec 25, 2022 03:22 PM GMT
Sithumi

Sithumi

Report

සංගීත ක්ෂේත්‍රය තුළ බොහෝ දෙනෙක් ආදරේ කරන ගොඩක් දෙනෙක්ගේ ආකර්ෂණය දිනා ගත්තු ආදරණීය කලා තරුවක් තමයි චන්ද්‍රලේඛා පෙරේරා කියන්නේ.එහෙමත් නැත්නම් ජනකාන්ත ගායන ශිල්පී රූකාන්ත ගුණතිලකයන් ගේ ආදරණීය බිරිඳ ඇය කිව්වොත් නිවැරදියි. මේ නත්තල මේ ආදරණීය පවුලට ගොඩක් වටිනවා.

මොකද ලොකු දුව රයිනි චාරුකා ඒ වගේම බාල දියණිය වින්ඩි ගුණතිලක ඇතුළු සියලුම දෙනා එක්ක කිතුනු ආගමට අනුව දෙවියන් වහන්සේට භක්තිමත්ව වන්දනාමාන කරන්න මේ හැමෝම නත්තල වෙනුවෙන් සූදානම් වෙන නිසයි. ඒ සූදානම ගැන චන්ද්‍රලේඛා පෙරේරා සති අග පුවත්පතකට කිව්වේ මේ වගේ කතාවක්.

“නත්තලට කියලා විශේෂ ලෑස්ත වීමක් අපි කරන්නේ නැහැ.සාමාන්‍යයෙන් වෙනදා විදිහම තමයි.හැබැයි 26 දා රාත්‍රියේ අපි පල්ලියට දෙවියන් වහන්සේ හා සම්බන්ධ කුමන හෝ පුණ්‍ය කටයුත්තකට සහභාගි වෙනවා.24 දා රාත්‍රි 12 ට නෙ නත්තල ලබන්නේ ඒ වෙලාවට අපි ඔක්කොම පල්ලියේ දෙවියන් ඉදිරියේ.ඉන්පස්සෙ 25 දා බොහෝ වෙලාවට අපේ සහෝදර සහෝදරියන් ඔක්කොම අපේ ගෙදරට එක්වෙනවා.එයාල එක්ක ප්‍රීතියෙන් කටයුතු කරනවා ඒ සියලූ දේ අතර නැති බැරි කෙනෙක්ට යමක් ලබා දෙන්න උත්සාහ ගන්නවා.නත්තල කියලා විශේෂයක් නෑ අපි ඒ වැඩේ පුලු පුලුවන් වෙලාවට කරනවා.” 

  ඉතින් ඒ විටෙක අදහස් දක්වන ඇය මේ නත්තල හරිම සුවිශේෂය විදිහට සමරන්න යනවා කියලත් අපිට ආරංචියක් වෙනවා.ඒ තමයි ඇයගේ ආදරණීය බාල දියණිය වන වින්ඩි අතිනත ගන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ ගායන ක්ෂේත්‍රයේ අතිශයින් දක්ෂ ගායකයෙක් වෙන සනුක වික්‍රමසිංහ සමඟ කියන්න ගොඩක් දෙනෙක් දන්නවා. චන්ද්‍රලේඛා පෙරේරා මහත්මිය සදහන් කරන්නේ සමග කියන්න තමන්ගේ දක්ෂතාවය තුළින් ඉදිරියට යන්න උත්සාහ දරන කෙනෙක් කියන එක.ඒ වගේ කෙනෙක් එක්ක වින්ඩිගේ ජීවිතය සාර්ථකව ගත කරන්න පුලුවන් කියන තැනත් ඇය ඉන්නවා. 

ඉතින් අපි මුලින් කිව්වා වගේ මේ නත්තල ඇයට සුවිශේෂී වෙන්නේ වෙන්නේ විශේෂයෙන්ම වින්ඩිගේ සහ සනුකගෙ විවාහ උත්සවය මෙන් අතරට පහුවෙනිදා ඒ කියන්නේ මේ 26 වෙනිදා පවත්වන්න ඔවුන් තීරණය කරපු නිසයි.ඉතින් ඒ සම්බන්ධයෙන් සහ අනාගතයේ ජීවත් වෙන්න ඕනේ ආකාරය ගැන ඇය තමන්ගේ බාල දියණියට කිව්වේ මේ වගේ කතාවක්. “එයාගේ උපන් දිනත් 26.විවාහය වෙනුවෙන් ඒ දිනය යෝජනා කළේ එයාමයි. ඉතින් අපි ඒකට ඉඩ දුන්නා.අන්‍යෝන්‍ය අවබෝධයෙන් ආදරයෙන් ගෞරවයෙන් ඉන්න කියලා තමයි අපි කියන්නේ.එකිනෙකාගේ ට හරියට තේරුම් අරගෙන ජීවත් වෙන්න.

” ඔන්න ඔය විදිහට තමයි චන්ද්‍රලේඛා පෙරේරා මේ පවුලේ හෙට දිනයේ සිද්ධවෙන්න යන ඒ සුවිශේෂ සිදුවීම පිළිබඳව අදහස් ඉදිරිපත් කරලා තිබුනෙ. ඉතින් මේ සියලු වැඩකටයුතු දිනෙන් දෙනම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියා අපිත් හදවතින්ම සුබ පැතුම් එකතු කරන්නේමු.

GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery
ReeCha