ඊයෙ රටම සමරපු අතිවිශිෂ්ට ජයට සංගාගෙන් සටහනක් - පවන්, දසුන්, ජනිත් සහ අවිෂ්කගේ විශේෂ දක්ෂතාවලටත් සැලියුට් එකක්
ශ්රී ලංකා හිටපු ක්රිකට් නායක කුමාර් සංගක්කාර විසින් ඊයේ(23) දින ශ්රී ලංකාව අත්කර ගන්නා ලද ඓතිහාසික ජයග්රහණය වෙනුවෙන් සිය 'X' ගිණුමේ සටහනක් තබා ඇත.
ඒ අනුව ඔහු එහි සඳහන් කර ඇත්තේ පවන්, දසුන්, ජනිත් සහ අවිශ්කගේ සුවිශේෂී දක්ෂතා හේතුවෙන් ශ්රී ලංකාව අත්කර ගන්නා ලද ඓතිහාසික ජයග්රහණය ඉහළින් සැමරීමට ශ්රී ලංකා කණ්ඩායමට හිමිකම් ඇති බවයි.
එසේම ඔහු පෙන්වා දුන්නේ, ජයග්රහණයේ ප්රීතිය විඳගන්නා අතරතුරම, ඉදිරි අභියෝග ජයගැනීම සඳහා කණ්ඩායමේ අවධානය යොමුවිය යුතුව ඇති බවයි.
එමෙන්ම ලබන වසරේ ඔක්තෝබර් මාසයේදී දකුණු අප්රිකාවේ පැවැත්වීමට නියමිත ලෝක කුසලාන ක්රිකට් තරගාවලිය ඉලක්ක කරගනිමින් කණ්ඩායම ශක්තිමත් කිරීමේ දීර්ඝකාලීන සැලසුම් ක්රියාත්මක කිරීමේ වගකීම ශ්රී ලංකා ක්රිකට් බලධාරීන් සතු බව ද ඔහු සඳහන් කරයි.
තවද මෙම ජයග්රහණයේ සිට කණ්ඩායම ඉහළම තත්ත්වයට ගෙන ඒමට ක්රමානුකූල වැඩපිළිවෙලක් සකස් කිරීම අත්යවශ්ය බවත් සංගක්කාර සිය සටහනෙන් දන්වයි.
පාකිස්තාන තුන්කොන් එක්දින ක්රිකට් තරගාවලිය යටතේ ඊයේ (22) දින පැවති තරගයෙන් එංගලන්තය කඩුලු 2කින් පරාජය කිරීමට ශ්රී ලංකා කණ්ඩායම සමත්ව තිබුණා.
රාවල්පින්ඩිහිදී පැවැති මෙම තරගයේ එංගලන්ත කණ්ඩායම ලබාදුන් ලකුණු 430ක අති දැවැන්ත ඉලක්කය, එක් පන්දුවක් (49.5) පමණක් ඉතිරිව තිබියදී පසුකර යැමීට ශ්රී ලංකා පිතිකරුවන්ට හැකි විය.
සුළු මොහොතකට පෙර දැනුම්දීමක් - රට ආසන්නයේ පවතින අඩු පීඩන කලාපය දිවයිනෙන් ඉවතට ගියත් අද වෙන්න යන්නේ මේකයි
While @OfficialSLC should enjoy this monumental victory with special performances from Pavan, Dasun, Janith and Avishka there is still a lot to do working back from the WC in South Africa next October to build to where the team needs to be.
— Kumar Sangakkara (@KumarSanga2) October 22, 2026