මෙහෙම දෙයක්?. වෙරළ තීරයක් එකපාරටම කට්ට කළු වෙලා..(PHOTOS)
By krishani
සිංගප්පූරුවේ සැනටෝසා දූපත් වෙරළ තීරය කළු පැහැ වී තිබෙනවා.
ඒ අයුරු විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.
එයට හේතුව ඩ්‍රෙජර් බෝට්ටුවක් සහ භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් ගැටීම නිසා ඇති වුණ තෙල් කාන්දු වීමක් බවට තොරතුරු වාර්තා වේ.
මේ වන විට එම වෙරළ තීරය පිරිසිදු කිරීම් කටයුතු ආරම්භ කර ඇති අතර ප්‍රදේශය තාවකාලිකව වසා දැමීමටත් බලධාරීන් පියවර ගෙන තිබෙනවා.
නමුත්, වඩදිය බාදිය හේතුවෙන්, තෙල් සෙන්ටෝසා සහ අනෙකුත් දකුණු දූපත්, වෙරළ තීරයට ගොඩ බැස ඇති බව සඳහන් වේ.
කෙසේ වෙතත්, වාර්ෂිකව මිලියන ගණනක් නරඹන්නන් ආකර්ෂණය කරන සෙන්ටෝසා හී ගොල්ෆ් පිටි සහ අග්නිදිග ආසියාවේ එකම යුනිවර්සල් ස්ටූඩියෝ උද්‍යානය ද පිහිටා ඇත.