හෙට කග ඇදුම් ඇදිය යුතුද..? රටම කතාවන කහ ඇදුම ගැන හිටපු සුපිරි ක්‍රීඩක සනත් ජයසූරිය කියන කතාව
හෙට දිනයේ කහ වර්ණයෙන් සැරසී පැමිණ ඔස්ට්‍රේලියා කණ්ඩායමට සහයෝගය ලබාදීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් තමන් සතුටු වන බව ශ්‍රී ලංකා හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරිය පැවසීය.
මේ පිලිබඳව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු පැවසුවේ ඔස්ට්‍රේලියා කණ්ඩායමට ස්තූතිය පළකිරීම සඳහා සමාජ මාධ්‍ය ඔස්සේ සංවිධානය කෙරෙන මෙම කටයුත්ත ඉතාමත් හොඳ දෙයක් බවය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ශ්‍රී ලංකා හිටපු සුපිරි ක්‍රිකට් තරුව සනත් ජයසූරිය.
"අපි යම්කිසි සහයෝගයක් ඔස්ට්‍රේලියාව වෙනුවෙන් දෙනවානම් ඒක හොඳ දෙයක්. නරක දෙයක් නෙවෙයි කහපාට ඇඳලා එන්න පුළුවන් නම් පුළුවන් කෙනෙක් ඇවිල්ලා ඒ සහයෝගය දෙන එක ගැන සන්තෝෂ වෙන්න ඕනි. මොකද මේ වෙලාවේ ඔස්ට්‍රේලියා කණ්ඩායම ආපු නිසා ඒ අයට ස්තූතිය පළකරන්න නේ මේක කරන්නේ. ඉතින් ඒක හොඳ දෙයක්."
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... |