සනත් නිශාන්තගේ අවසන් කටයුතු අදයි..විශාල පිරිසක් අවසන් ගෞරවයට එයි..

Report

කටුනායක අධිවේගී මාර්ගයේ සිදු වූ රිය අනතුරකින් ජීවිතක්ෂයට පත් ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (28) පස්වරුවේ සිදු කිරීමට නියමිත ව තිබෙනවා.

ආරච්චිකට්ටුව ප්‍රදේශයේ පිහිටි රාජ්‍ය අමාත්‍යවරයාගේ නිවසේ දී අද දහවල් 1.00ට අවමංගල්‍ය සභාවේ කටයුතු ආරම්භ කිරීමට නියමිතව ඇත.

රාජ්‍ය අමාත්‍යවරයාගේ දේහය මේ වනවිට ආරච්චිකට්ටුව ප්‍රදේශයේ නිවස අසල පිහිටි තාවකාලික ශාලාවක තැන්පත් කර ඇති අතර අද අහවල් 01 දක්වා දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා අවස්ථාව හිමි කර ඇති බවයි වාර්තා වන්නේ.

සනත් නිශාන්තගේ අවසන් කටයුතු අදයි..විශාල පිරිසක් අවසන් ගෞරවයට එයි.. | Sanath Nishantha Funeral Day

අවමංගල්‍ය සභාවේ කටයුතුවලින් අනතුරු ව දේහය රාජකදළුව කතෝලික සුසාන භූමිය වෙත පෙරහරකින් ගෙනගොස් භූමදානය කිරීමට නියමිතව ඇත.

පසුගිය 25 වැනි දින අලුයම කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයේ ධාවනය වූ කන්ටේනර් රථයක රාජ්‍ය අමාත්‍යවරයා ගමන් කළ ජීප් රථය ගැටීමෙන් සිදුවූ අනතුරින් සනත් නිශාන්ත රාජ්‍ය අමාත්‍යවරයා සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා ජීවිතක්ෂයට පත් වුණා.

රාජ්‍ය අමාත්‍යවරයාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා ආගමික නායකයින්, දේශපාලඥයින් ඇතුළු පාක්ෂිකයින් විශාල පිරිසක් ඊයේ රාත්‍රියේත් පැමිණ සිටි බව ද වාර්තා වේ.

අනතුරින් මිය ගිය ආරක්ෂක නිලධාරියාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු මහනුවර - හෑදෙණිය - මරවනාගොඩ පොදු සුසාන භූමියේ දී ඊයේ පස්වරුවේ සිදු කෙරුණා.

Sponsored By Sarrita Jewellery

සනත් නිශාන්තගේ අවසන් කටයුතු අදයි..විශාල පිරිසක් අවසන් ගෞරවයට එයි.. | Sanath Nishantha Funeral Day