සනත් නිශාන්තගේ රියදුරා රක්ෂිත බන්ධනාගාරයට - කන්ටේනර් රථ රියදුරු ගැනත් තීරණයක්..!

Accident Sanath Nishantha Accident Sanath Nishantha
By Sewvandhi Jan 26, 2024 03:43 PM GMT
Sewvandhi

Sewvandhi

Report

අද (26) වැලිසර මහේස්ත්‍රාත් තුසිත ධම්මික උඩුවවිදාන, ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත සහ ඔහුගේ ආරක්‍ෂක නිලධාරියාට මරු කැඳවූ අනතුර වන අවස්ථාවේදී V-8 වර්ගයේ සුඛෝපභෝගී ජීප් රථය පැදවූ රාජ්‍ය අමාත්‍යවරයාගේ රියදුරා රක්ෂිත බන්ධනාගාරගත කර කන්ටේනර් රථයේ රියදුරා ඇප මත මුදා හැරීමට නියෝගකර තිබෙනවා.

කඳාන පොලිසිය විසින්, කන්ටේනර් රථයේ රියදුරා රක්ෂිත බන්ධනාගාරගත කරන්නැයි සිදුකළ ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් රුපියල් ලක්‍ෂ 05ක ඇපකරුවකුගේ බැඳුම්කරයක් මත ඔහුව මුදා හැරීමට නියම කළ මහේස්ත්‍රාත්වරයා ඔහුගේ රියදුරු බලපත්‍රයද තාවකාලිකව මුදා හැරීමට නියමකළ බවයි වාර්තාකරු සඳහන් කළේ.

Sponsored By Sarrita Jewellery

සනත් නිශාන්තගේ රියදුරා රක්ෂිත බන්ධනාගාරයට - කන්ටේනර් රථ රියදුරු ගැනත් තීරණයක්..! | Sanath Nishantha Driver Remanded


ReeCha