සජබ මන්ත්‍රීවරුන් හදිසියේම කථානයක් කාමරයට කඩා පනී..!

Parliament of Sri Lanka Sajith Premadasa Sri Lanka Cricket Samagi Jana Balawegaya
By Sewvandhi May 06, 2022 11:27 AM GMT
Sewvandhi

Sewvandhi

Report

සමගි ජන බලවේගය විසින් ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට හැකි ඉක්මනින් දිනයක් ලබාදෙන්නැයි බල කරමින් එම පක්ෂයේ මන්ත්‍රීවරු කථානායක කාමරයට ගොස් තිබේ.

එහිදී කථානායකවරයා හමුවී සමගි ජන බලවේග මන්ත්‍රීවරු එළැඹෙන සඳුදා දින විශ්වසභංගය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබාදෙන්නැයි දැඩිව ඉල්ලා සිටියේය. කථානායකවරයා එම ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමත් සමග මන්ත්‍රීවරු කෑ ගසමින් එයට විරෝධය පළ කළේය.

එම අවස්ථාවේ දී අදහස් දැක්වූ මන්ත්‍රීවරු,

"රටේ ප්‍රශ්නයක් තියෙද්දි ස්ථාවර නියෝග අත්හිටුවන්න. ඔබතුමාට මේක හදිසි නැතිවෙන්න පූළුවන් රටේ මිනිස්සුන්ට හදිසියක් තියෙනවා කථානායකතුමනි."

කථානායක - "හදිසි නිසා තමයි අපි ඒක දැන් දාන්නේ. සඳුදා උදේ නැවත පක්ෂ නායක රැස්වීමක් තියෙනවා." 

"ඔබතුමා පොරොන්දුවක් දෙන්න කථානායකතුමනි ලබන සතියේ කැඳවනවා කියලා පාර්ලිමේන්තුව. ඉක්මන් කරමු ගරු කථානායකතුමා."

"අපි පක්ෂ නායකයන්ට කතා කරලා අපි ආවේ. එළියේ තියෙන තත්ත්වය බලන්න. මින්ස්සුන්ට කඳුළු ගෑස් ගහනවා. ඔබට තියෙන්නේ ආණ්ඩුව ආරක්ෂා කිරීම නෙමෙයිනේ කථානායක තුමනි තියෙන්නේ. ඔබතුමාට මිනිස්සුන්ගේ ඉල්ලීම ගැන හිතන්න ඕනේ."


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now