අප්‍රේල් වල පරණ මිලටම ලුණු

By Shehan Mar 10, 2025 08:41 AM GMT
Shehan

Shehan

Report

ලුණු මිලදී ගැනීමට පාරිභෝගිකයාට අවස්ථාව ලැබෙනු ඇතැයි ලංකා ලුණු සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි අජිත් ශන්මුගනාදන් පැවසුවේය.

ඒ අනුව, අප්‍රේල් පළමු සතිය වන විට ලුණු කැට කිලෝ එකක පැකට්ටුවක් රුපියල් 120ක් හා ලුණු කුඩු ග්‍රෑම් 400 පැකට්ටුවක් රුපියල් 100ක් වැනි මිලකට ගැනීමට පාරිභෝගිකයාට හැකි වනු ඇතැයි ඔහු සඳහන් කළේ ය.

මාර්තු තුන් වන සතිය වන විට ලුණු අස්වැන්න කඩන බැවින් එම මිලට ලුණු මිල දී ගැනීමට හැකි බව ප්‍රධාන විධායක නිලධාරියා කීවේය.

ඉෂාරා ලංකාවේ ඉන්න බවට විශ්වාසයිලු!

ඉෂාරා ලංකාවේ ඉන්න බවට විශ්වාසයිලු!

අලුත් අස්වනු ලැබීමත් සමග මිල ඉහළ යෑමට පෙර තිබූ පැරණි මිලටම යළි ලුණු මිලට ගැනීමට හැකිවනු ඇතැයි ඔහු පැවසුවේය.

මෙම මාර්තු මාසයේ පළමු වන සතියේ ලුණු කැඩීමට මීට පෙර සැලසුම් කළ නමුත් එම කාලය ඇතුළත වර්ෂාව ඇදවැටීම සිදුවූ නිසා එය සිදුකර ගැනීමට නොහැකි වූ බව ඔහු කීවේය.

ReeCha