ඉස්සරහට ලුණුයි බතුයි කන්නත් නැති වෙයි...

Report

මේ වන විට වෙළඳපළේ ඇති ලුණු හිඟය තවදුරටත් වර්ධනය වෙමින් පවතී.

ඊට හේතුව ලෙස සඳහන් කරන්නේ මෙරටට ආනයනික ලුණු තොග රට තුළට ලැබීමට තවදුරටත් ප්‍රමාද වීමයි.

එසේම රටේ ඇතැම් ස්ථානවල වෙළඳපළේ ලුණු කිලෝවක් සහිත පැකට්ටුවක් මිල රුපියල් 450-500 ත් වැනි මිලකට අලෙවි වෙන බව වාර්තා වෙයි.

'හරක් කටා' වෙනුවෙන් රජය මාසිකව රුපියල් කෝටියකට අධික මුදලක් වැයකෙරේ

'හරක් කටා' වෙනුවෙන් රජය මාසිකව රුපියල් කෝටියකට අධික මුදලක් වැයකෙරේ

මේ සම්බන්ධයෙන් අදහස් පළ කළ ලුණු සංස්ථාව සඳහන් කළේ ආනයනික ලුණු තොග වෙළඳපොළට ලැබීමත් සමඟ මෙම තත්ත්වය පහව යනු ඇති බවයි.

එහෙත් වෙළඳුන් ප්‍රකාශ කළේ තවදුරටත් ලුණු වෙළඳපොළට නොලැබුණහොත් ඉදිරියේදී ලුණු පැකට්ටුවක මිල මීට වඩා ඉහළ යා හැකි බවයි.

ඒ අනුව රටේ ඇති වී තිබෙන ලුණු හිඟය මත ලුණු තොග සඟවාගෙන සිටින පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට නීතිය ක්‍රියාත්මක වන බව සඳහන්.

තවද පාරිභෝගික කටයුතු අධිකාරිය සඳහන් කරන්නේ එසේ ලබා ගන්නා ලුණු තොග රාජසන්තක කරන බවයි.

මෙහි දී පාරිභෝගික කටයුතු අධිකාරිය තවදුරටත් කියා සිටියේ කෘතීම ලෙස ලුණු හිඟයක් ඇතිකර වැඩි මිලට ලුණු අලෙවි කිරීමේ ජාවාරමක් ද සිදුවෙමින් පවතින බවට පැමිණිලි ලැබී ඇති බවයි.

ඒ අනුව දැනටත් ලුණු තොග සඟවාගෙන සිටින්නන් හා ඉහළ මිල ගණන්වලට ලුණු අලෙවි කරන පුද්ගලයන් සොයා ‍රට පුරා වැටලීම් ආරම්භ කර තිබෙනවා.

සුපිරි හෝටලයක් පරික්ෂා කරන්න ගිහින් හමු වුණ දේ, අයිතිකාරයෝ සොයා පොලිස් විමර්ශන

සුපිරි හෝටලයක් පරික්ෂා කරන්න ගිහින් හමු වුණ දේ, අයිතිකාරයෝ සොයා පොලිස් විමර්ශන

එසේම වෙළෙන්ඳන් සඳහන් කළේ දැනට අලෙවි කරමින් සිටින්නේ තමන් සතුව ඇති අවසාන ලුණු තොග බවයි.

එසේ වුවත් නැවත ලුණු තොග කවදා ලැබෙයිදැයි නිශ්චිතව පැවසිය නොහැකි බව ද ඔවුන් තවදුරටත් පවසයි.