සමාජ මාධ්‍ය කළඹපු වස් කවිය ගැන පළ වෙන පුවතක් සම්බන්ධයෙන් පොලීසියෙන් දැනුම්දීමක්

Report

සමාජ මාධ්‍ය ඔස්සේ පැතිරයන වස් කවියක් සම්බන්ධයෙන් කිසිදු පුද්ගලයෙකුගෙන් ප්‍රකාශයක් සටහන් කරගෙන නොමැති බව දෙමටගොඩ පොලීසිය සඳහන් කරයි.

ඒ අනුව මේ බව පොලීසිය ප්‍රකාශ කළේ, වස් කවියක් සම්බන්ධයෙන් සිය සේවාදායකයෙකු දෙමටගොඩ පොලීසියට කැඳවා ප්‍රකාශයක් සටහන් කරගෙන තිබෙන බවට නීතිඥවරයෙකු සිදුකළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් බව වාර්තා වේ.

ඉකුත් දිනවල වස් කවියක් ලෙස සමාජ මාධ්‍යයේ පළ වූ ගීතයක් පිළිබඳව සිය සේවාදායකයෙකු දෙමටගොඩ පොලීසියට කැඳවා ප්‍රකාශයක් සටහන් කරගෙන ඇති බව නීතිඥ සුදත් වික්‍රමරත්න මහතා මාධ්‍යයට ප්‍රකාශයක් කර ඇති බව සඳහන්.

ආන්දෝලනාත්මක 'යක්ෂ රාජ වජිරපාණි' ගීතය ලිව්වේ මමයි.. තවත් ප්‍රබල කොටස් පහක් එන්න තියෙනවා.. රටම හොයපු රචක හිමි කට අරී

ආන්දෝලනාත්මක 'යක්ෂ රාජ වජිරපාණි' ගීතය ලිව්වේ මමයි.. තවත් ප්‍රබල කොටස් පහක් එන්න තියෙනවා.. රටම හොයපු රචක හිමි කට අරී

එහෙත් දෙමටගොඩ පොලීසිය අදාළ ප්‍රකාශය අසත්‍ය බව සඳහන් කරයි.

එමෙන්ම වස් කවියක් සම්බන්ධයෙන් කිසිදු පුද්ගලයෙකුගෙන් ප්‍රකාශයක් සටහන් කරගෙන නොමැති බවත් සිය පොලිස් ස්ථානයේ ලේඛණ පරීක්ෂා කිරීමේදී සහ අදාළ දිනයේ රාජකාරි සිදුකළ නිලධාරීන්ගෙන් සිදුකළ විමසීමේදී එවැන්නක් සිදුව නොමැති බවට නීරීක්ෂණය වූ බවත් දෙමටගොඩ පොලීසියේ ස්ථානාධිපතිවරයා පැවසූ බව වැඩිදුරටත් සඳහන්.

ලග්න රැසකට දවස සුබ වෙද්දි මේ ලග්න හිමියන් අද ඉතා ප්‍රවේශම් විය යුතුයි - දවසේ පලාපල

ලග්න රැසකට දවස සුබ වෙද්දි මේ ලග්න හිමියන් අද ඉතා ප්‍රවේශම් විය යුතුයි - දවසේ පලාපල

ලෝකයම ගිනි අවුලමින් ඉන්ධන මිල ගණන් සංශෝධනය - නව අගයන් මෙන්න

ලෝකයම ගිනි අවුලමින් ඉන්ධන මිල ගණන් සංශෝධනය - නව අගයන් මෙන්න