හදිසි තත්ත්වයක් - ටිබෙටය හෙල්ලූ ප්‍රබල භූමිකම්පාවෙන් 16ක් මරුට - 54කට තුවාල

By Kaushi Oct 23, 2026 01:50 AM GMT
Report

ටිබෙටයේ කඳුකර ප්‍රදේශයක රික්ටර් මාපකයේ 7 ක ප්‍රබලත්වයකින් යුත් භූමිකම්පාවක් සිදුවී තිබෙන අතර, ඉන් අවම වශයෙන් පුද්ගලයින් 16 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව චීන රාජ්‍ය මාධ්‍ය වාර්තා කරයි.

එසේම බලධාරීන් හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කර තිබෙන අතර ගලවා ගැනීමේ කණ්ඩායම් ප්‍රදේශයට යොදවා තිබෙනවා.

මේ අතර මෙම භූමිකම්පාවෙන් පුද්ගලයින් 54 දෙනෙකු තුවාල ලබා ඇති බව සඳහන්.

1950 ගණන්වල චීනය විසින් ඈඳා ගත් දා සිට ටිබෙටය දැඩි ලෙස පාලනය කරනු ලබන අතර, එය පිළිබඳ තොරතුරු ලබා ගැනීමේ එකම මූලාශ්‍රය බොහෝ විට රාජ්‍ය මාධ්‍ය වේ.

ලග්න රැසකට දවස සුබ වෙද්දි මේ ලග්න හිමියන් අද ඉතා ප්‍රවේශම් විය යුතුයි - දවසේ පලාපල

ලග්න රැසකට දවස සුබ වෙද්දි මේ ලග්න හිමියන් අද ඉතා ප්‍රවේශම් විය යුතුයි - දවසේ පලාපල

ඊයේ(22) දින රාත්‍රියේ නාග්කු කලාපයේ බකෙන් ප්‍රාන්තයට භූමිකම්පාවේ කේන්ද්‍රය බලපෑ බව ප්‍රාදේශීය හදිසි කළමනාකරණ කාර්යාංශය උපුටා දක්වමින් ෂින්හුවා වාර්තා කළ අතර මෙම ප්‍රාන්තය ටිබෙටයේ අගනුවර වන ලාසා සිට කිලෝමීටර් 400ක් ඊසාන දෙසින් පිහිටා තිබෙනවා.

එමෙන්ම නිවාස 300කට වැඩි ප්‍රමාණයක් කඩා වැටී ඇති අතර කලාපයට විදුලිය බොහෝ දුරට විසන්ධි වී ඇති බව ද සඳහන්.

ආන්දෝලනාත්මක 'යක්ෂ රාජ වජිරපාණි' ගීතය ලිව්වේ මමයි.. තවත් ප්‍රබල කොටස් පහක් එන්න තියෙනවා.. රටම හොයපු රචක හිමි කට අරී

ආන්දෝලනාත්මක 'යක්ෂ රාජ වජිරපාණි' ගීතය ලිව්වේ මමයි.. තවත් ප්‍රබල කොටස් පහක් එන්න තියෙනවා.. රටම හොයපු රචක හිමි කට අරී

සුළු මොහොතකට පෙර දැනුම්දීමක් - ‍රට ආසන්නයේ පවතින අඩු පීඩන කලාපය දිවයිනෙන් ඉවතට ගියත් අද වෙන්න යන්නේ මේකයි

සුළු මොහොතකට පෙර දැනුම්දීමක් - ‍රට ආසන්නයේ පවතින අඩු පීඩන කලාපය දිවයිනෙන් ඉවතට ගියත් අද වෙන්න යන්නේ මේකයි