වැටුප් වැඩිකරමින් සූත්‍රයක්..ලංකාවටත් සතුටුදායක පුවතක් වෙයි?

Sri Lanka Indonesia
By Aruna Sep 14, 2022 03:01 AM GMT
Aruna

Aruna

Report

උද්ධමනය වේගයෙන් ඉහළ යමින් ඇති පසුබිමක අවම වැටුප්වලට අදාළ සංශෝධන සම්බන්ධයෙන් සලකා බැලීමට ඉන්දුනීසියා රජය සූදානම් වේ.

මේ වනවිට එරට උද්ධමනය 2015 වසරෙන් පසු ඉහළම අගයට ළඟා වී ඇති බව වාර්තා වේ.

මේ ආකාරයෙන් උද්ධමනය ඉහළ යාමට වැඩි වශයෙන්ම බලපා ඇත්තේ ඉන්ධන මිල වැඩි කිරීමය.

මේ මස මුලදී ඉන්ධන මිල සියයට 30කින් පමණ වැඩි කිරීමට ජනාධිපති ජෝකෝ විදෝදෝගේ රජය පියවර ගත්තේය.

ඒ එරට ඉන්ධන සහනාධාර වෙනුවෙන් රජය දරන වියදම අඩු කිරීමට වුවමනා වූ බැවිනි.

ඉන්ධන මිල මේ ආකාරයෙන් වැඩි කිරීමත් සමග ජනතාව ඊට එරෙහිව විරෝධතා දැක්වීමට පටන් ගත්හ.

මෙම විරෝධතාවල පෙරමුණේ සිටියේ වෘත්තිය සමිති සහ ශිෂ්‍ය සංවිධානය.

මිල ගණන් ඉහළ යද්දී ජනතාවගේ ආදායම් එක තැන පල් වෙමින් තිබීම ගැන ඔවුහු පෙන්වා දුන්හ.

එරට ක්‍රියාත්මක වන රැකියා නීති සම්බන්ධයෙන් ද මෙම පාර්ශ්වවල විරෝධය පළ වේ.

බොහෝ දෙනා චෝදනා කරන්නේ මෙම නීති හාම්පුතුන්ට වාසිදායක ආකාරයෙන් සකස් වී ඇති බවය.

ජනාධිපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පසුගිය දා වෘත්තිය සමිති සහ ශිෂ්‍ය නියෝජිතයන් හමු වී ඔවුන්ගේ ඉල්ලීම් පිළිබඳ සාකච්ඡා කර තිබිණි.

රජයේ සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමේ දී භාවිත කරන සූත්‍රය සංශෝධනය කිරීම ද මෙම ඉල්ලීම් අතර වේ.

කෙසේවෙතත් ලංකාවේද මේවන විට පවතින උද්ධමනය අධිකව ඉහළ යාම නිසා ජනතාව දැඩි පීඩාවට පත්ව තිබේ.

එවන් තත්ත්වයක් තුළ දැඩි ආර්ථික අපහසුතාවයන්ට මුහුණ දීම නිසා විශාල පිරිසකට එදිනෙදා තුන්වේල පවා සපයා ගැනීමට නොහැකි තත්ත්වයක් පවතී.

මෙරටද බොහෝ රැකියා කරන අයගේ වැටුපද එදිනෙදා ජීවත් වීමට පවා නොහැකි තත්ත්වයක් උදාවී තිබේ.

එවන් තත්ත්වයක් තුළ ලංකාවේ ද වැටුප් වැඩි කිරීමක් පිළිබඳව මේ මොහොතේ බොහෝ දෙනෙක් දැඩි අපේක්ෂාවෙන් සිටී.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now