විදුහල්පතිවරුන්ට හා ගුරුවරුන්ට රුපියල් 25,000ක දීමනාවක්.! - අලුත්ම ආරංචිය මෙන්න. - (VIDEO)

Government Employee Government Of Sri Lanka Ceylon Teachers Service Union Teachers
By Wayomi Jan 05, 2025 03:24 AM GMT
Wayomi

Wayomi

Report

රාජ්‍ය සේවයේ පවතින බරපතළ වැටුප් විෂමතා ඉවත් කරන තුරු විදුහල්පතිවරුන්ට හා ගුරුවරුන්ට රුපියල් 25,000ක දීමනාවක් ලබා දෙන ලෙස ඉල්ලන්නේ යැයි සමගි අධ්‍යාපන සේවක සංගමය සහ ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

ඔවුන් පෙන්වා දෙන්නේ, සුබෝධනී කමිටුව අනුව මීළඟ අයවැයෙන් ගුරු විදුහල්පති වැටුප් වැඩි කිරීම් සිදු කරන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටින්න බවයි.

සමගි ජන බලවේගයේ ජාතික වෘත්තීය සමිති ලේකම් ප්‍රියන්ත පත්බේරිය පවසන්නේ, වැටුප් වැඩි කරන තුරු ජීවන අංකය ලෙස සොච්චම් මුදලක් දීම තේරුමක් නොමැති බවයි.

ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ, වත්මන් ආණ්ඩුවේ ඇමැති ධුර දරන වසන්ත සමරසිංහ, මහින්ද ජයසිංහ සමඟ ගුරු හා විදුහල්පති වැටුප් වැඩි කර ගැනීමට පසුගිය කාලයේ ඔවුන් එකට එකතු වී රනිල් – රාජපක්ෂ ආණ්ඩුවට විරුද්ධව මහ පාරේ අරගල කළ බවයි.

2025 බැංකු නිවාඩු දවස් ප්‍රකාශයට පත් කෙරේ.

2025 බැංකු නිවාඩු දවස් ප්‍රකාශයට පත් කෙරේ.

එමෙන්ම වැටුප් විෂමතා ගැටලු විසඳන තුරු රුපියල් 25,000ක දීමනාවක් දෙන්නැයි රනිල්ගේ ආණ්ඩුව සමඟ අරගල කළ බවත් ඔහු සඳහන් කළා.

මේ අතර ගෝඨාභය රාජපක්ෂ ගෙදර යැව්වේ ගුරුවරුන් මූලික වී කළ පළමු අරගලයෙන් බවත්, වත්මන් ආණ්ඩුව ගුරු විදුහල්පති වැටුප් වැඩි කරන බවත් සමස්ත රාජ්‍ය සේවයේ වැටුප් සියයට 25කින් වැඩි කරන බවත් මැතිවරණයට පෙර කී බව ද ඔහු වැඩිදුරටත් කියා සිටියා.

ඒ, අනුව උදය ආර්. සෙනෙවිරත්න කමිටුව අනුව රාජ්‍ය සේවකයන්ටත් සුබෝධනී කමිටුව අනුව ගුරු, විදුහල්පතිවරුන්ටත් මේ වසරේ අය – වැය ඔස්සේ වැටුප් වැඩි කිරීම අත්‍යවශ්‍ය බව පත්බේරිය මහතා තව දුරටත් සඳහන් කර සිටියා.


 

ReeCha