සජිත ඇන්තනීගේ ආදරණීය බිරිඳ බුවී උතුම් මවු පදවියට සැරසෙනවාද..?(PHOTOS)

By Sithumi Jan 06, 2022 03:59 PM GMT
Sithumi

Sithumi

Report

සජිත ඇන්තනී කියලා කියන්නේ ලංකාවේ කොයි කවුරුත් අතර ආදරයට පාත්‍ර වන හරි අපූරු චරිතයක්. ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයන් අතර අතිශය ජනප්‍රිය ට පත් වූ ‘අබා’ සිනමාව ඔස්සේ සිය රංගන දිවිය ආරම්භ කරන සජිත ඇන්තනී මෑත කාලයේ කා අතරත් ජනප්‍රියට පත් වන්නේ ‘සරා’ නමිනි.

ඒ නාඩගම්කාරයෝ ටෙලි නාට්‍යයේ ප්‍රධාන චරිතය ලෙස ඔහු දක්වන්නාවූ අපිරිමිත කැපවීම හා සාධාරණත්වය නිසාමයි.ඒ වගේම තමයි ඔහුට ලැබෙන ඕනෑම චරිතයක් කිසිදු පැකිලීමකින් තොරව සහ අභියෝගයකින් තොරව භාර ගැනීමට ඔහුට ඇත්තේ අද්විතීය හැකියාවක්.

ඔහුගේ එම සුවිශේෂී රංගන හැකියාව ඔහුට උරුම වී ඇත්තේ ඔහුගේ පරම්පරාවෙන් ය.ඒ මන්ද යත් ඇන්තනි පවුල කියලා කියන්නේ මුළු රටක් ආදරය කරන කලාකාමී පවුලක්.

ජැක්සන් ඇන්තනී නම් මහා රංගන පෞරුෂත්වයේ බාලම පුත් රුවන තමයි සජිත ඇන්තනී කියලා කියන්නේ.ඔහුගේ වැඩිමල් සොයුරියගේ හා සොයුරාගේ ආදරය නිබඳව දිනාගන්නා මේ දඟකාර කොලු ගැටයා පසුගිය දිනක විවාහ වන්නේ ඔවුන්ගේ ද මංගල උත්සව මධ්‍යයේ වීම විශේෂත්වයක්.

ඉතින් මේ වන විට ඔහුගේ ආදරණීය බිරිඳ වන බුවිනි සහ ඔහු ඉතාමත්ම සාර්ථක ලෙස සහ ආදර්ශමත් ලෙස විවාහ ජීවිතය ගෙන යමින් සිටිනවා.ඉතිං පසුගිය දිනකදී අපට ලැබුණු ආරංචියක් තමයි සජිත සහ බුවී ආදරණීය දෙමව්පියන් වීමට යාමට සැරසෙනවා කියල.ඉතින් ඒ වගේම තමයි පසුගිය තිස් එක් වන දා අවුරුද්ද සැමරීමට ඔවුන් උණවටුන හෝටලයට ගොස් ලබාගත් සුන්දර ඡායාරූප කිහිපයක් ම ඔවුන්ගේ ෆේස්බුක් මාධ්‍ය ජාලා ගිණුම් වලට එකතු කරලා තිබුණා.

ඉතින් මේ ඡායාරූප පෙළෙහි ඇති විශේෂත්වය නිසාම බොහෝ රසික රසිකාවියන් පිරිසක් ඔවුන්ට සුබ පැතුම් එක් කරලා තිබුණා. කෙසේ නමුත් මේ පිළිබඳව ඔවුන් නිල වශයෙන් නම් තාම කිසි දෙයක් පවසල නැහැ.නමුත් ඉතාමත්ම ඉක්මනින් ඔවුන් ඒ දේ රසිකයන්ට පවසාවි යන බලාපොරොත්තුවෙන් අප සිටිනවා.ඉතින් ඔවුන්ගේ ආදරණීය කැදැල්ල සැමදා සතුටින් පිරී ඉතිරී යන්නට සුබ සුබ පැතුම් එක් කරනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


GalleryGalleryGalleryGalleryGallery
ReeCha