''නව ලිබරල්වාදයේ දිගුවක් මිස, සමාජ සාධාරණත්වය ඉෂ්ට කරන්නේ නැහැ” - සජිත්ගෙන් දාර්ශනික විවේචනයක්

Report

අද (10) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් වත්මන් ආණ්ඩුවේ ආර්ථික කළමනාකරණය සහ බදු ප්‍රතිපත්තිය දැඩි ලෙස විවේචනය කිරීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ක්‍රියා කළහ.

ඔහු චෝදනා කළේ, ආණ්ඩුව ක්‍රියාත්මක කරන්නේ සමාජ සාධාරණත්වය මත පදනම් වූ ආර්ථික ක්‍රමවේදයක් නොව, පසුගිය ආණ්ඩුව අනුගමනය කළ නව ලිබරල්වාදී ආර්ථික ප්‍රතිපත්තියේම දිගුවක් බවයි.

 එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා 

“ඇත්ත වශයෙන්ම දැන් ඔබතුමාලගේ ප්‍රශස්ත ආණ්ඩුව, ප්‍රබුද්ධ ආණ්ඩුව කියන්නේ, එක පුද්ගලයෙකුට දින තිහක් ජීවත් වෙන්න රුපියල් 17,719ක් ප්‍රමාණවත් කියලා. මම නැවතත් වරක් කියනවා, මහ බැංකුවයි ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවයි ලබාදෙන බොරු දත්ත මත ඉතාමත්ම අසාර්ථක, ඒ වගේම අකාර්යක්ෂම, දුර්වල ආර්ථික කළමනාකරණයක් ඉෂ්ට සිද්ධ වෙනවා. එය පළවෙනි පාරට ඉදිරි කාලයේදී රටේ ලක්ෂ 220ටම භුක්ති විඳින්න සිද්ධ වෙයි කියන එකත් මම මේ අවස්ථාවේ පළමුවෙන්ම කියන්න කැමතියි. ඔබ ඇත්ත වශයෙන්ම ක්‍රියාත්මක කරන්නේ පහුගිය ආණ්ඩුව ක්‍රියාත්මක කරපු නව ලිබරල්වාදයේ දිගුවක් මිස, සමාජ සාධාරණත්වය ඉෂ්ට සිද්ධ කරන්න ක්‍රියාත්මක කරන මානුෂීය ධනවාදී, සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය නොවෙයි කියන එක මම මේ අවස්ථාවේ කියන්න කැමතියි. ඔබතුමාලා මහාලොකුවට ප්‍රාථමික අතිරික්තය ගැන කතා කරනවා. වැඩිපුර රාජ්‍ය ආදායම ගැන කතා කරනවා. ඔබතුමාලා ඇත්ත වශයෙන්ම මේ රටේ ජනතාව අපායට යන ආකාරයට බදු ගහලා තියෙන්නේ. බදු බරින් පටවලා, බදු බර වැඩි කරලා, ඒ බදු පීඩනය තුළ මහා බදු කම්පනයක්, බදු තුළින් කම්පනයක් ඇති කරලා, ඇත්ත වශයෙන්ම බුද්ධි ගලනය ප්‍රවර්ධනය කරනවා. වෛද්‍යවරු යනවා රට අතහැරලා. ඉංජිනේරුවෝ යනවා රට අතහැරලා. වෘත්තිකයෝ යනවා රට අතහැරලා. මේ වගේ නව ලිබරල්වාදී, මානුෂීය ධනවාදය, සමාජ ප්‍රජාතන්ත්‍රවාදය පැත්තකට විසි කරපු, ඇඩම් ස්මිත්ටත් එහා ගියපු නිදහස් වෙළෙඳපොළ ක්‍රමවේදයක තමයි ඔබතුමාලා යන්නේ. ඒ නිසාම තමයි ඔබතුමාලා පොරොන්දු වූ ආකාරයට ණය තිරසාරකරණ එකඟතාවය (Debt Sustainability Agreement) අයි.එම්.එෆ්. එකත් එක්ක තිබ්බ එක වෙනස් කරනවායි කිව්වේ. ඒක වෙනස් නොකර ඒ විදිහටම, මම හිතන්නේ ගිය ආණ්ඩුවටත් වැඩිය ඉතාමත්ම ප්‍රශස්ත ලෙස නව ලිබරල්වාදය ක්‍රියාත්මක කරමින් ඔබ මේ ගමන ක්‍රියාත්මක කරන්නේ. ඒක බොහෝම අකාරුණික, ඒ වගේම ජනතාව මහා පීඩනයට ලක් කරන වැඩපිළිවෙළක්.”

“මේක කරන්න නම් සමාගම් ලංකාවට ගේන්න ඕනෙද?” - ඉන්ධන සැපයීමේදී ඇතැම් සමාගම් කරන වරදක් ගැන සංගමයකින් හෙළිදරව්වක්

“මේක කරන්න නම් සමාගම් ලංකාවට ගේන්න ඕනෙද?” - ඉන්ධන සැපයීමේදී ඇතැම් සමාගම් කරන වරදක් ගැන සංගමයකින් හෙළිදරව්වක්

ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රතිව්‍යුහගත කිරීමේ පනත් කෙටුම්පත් පාර්ලිමේන්තුවට

ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රතිව්‍යුහගත කිරීමේ පනත් කෙටුම්පත් පාර්ලිමේන්තුවට