“මේක කරන්න නම් සමාගම් ලංකාවට ගේන්න ඕනෙද?” - ඉන්ධන සැපයීමේදී ඇතැම් සමාගම් කරන වරදක් ගැන සංගමයකින් හෙළිදරව්වක් [VIDEO]

Report

වර්තමානයේ ඛනිජ තෙල් සැපයීම සම්බන්ධයෙන් පවතින තත්ත්වය පිළිබඳව පොදුජන ප්‍රගතිශීලී සේවක සංගමයේ ලේකම් බන්දුල සමන් කුමාර මහතා අද (06) පැවති මාධ්‍ය හමුවකදී අදහස් පළ කළේය.

එහිදී ඔහු ඉන්ධන මිල තීරණය කිරීමේ ක්‍රමවේදය සහ එම ක්‍රමවේදය යටතේ ඉන්ධන අලෙවි කරන සමාගම් කටයුතු කරන ආකාරය පිළිබඳව මෙලෙස අදහස් දැක්වීය.

“අපේ දැනට තියෙන ක්‍රමවේදය අනුව මාසේ පළවෙනිදා මිල තීරණය කරනවා. ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ අනෙකුත් සමාගම් බැඳිලා ඉන්නවා ඒ මාසය ඇතුළතදී ඉන්ධන විකුණන්න. එතකොට ඒ කට්ටියට අවශ්‍ය කරන ඉන්ධන ගෙනල්ලා කොලොන්නාව නිමාවේ, සපුගස්කන්දේ, මුතුරාජවෙල ප්‍රධාන ස්ථානවල ගබඩා කරලා තියෙනවා. එතකොට එ තමන්ට තියෙන ඉන්ධන විකුණන්න පුළුවන්. මිල තීරණය කරලා තියෙන්නේ මේ මාසයට නම්, බැදිලා ඉන්නවා සියලු දෙනාම මේ මාසය ඇතුළතදී ඒ ගාණට විකුණන්න. හැබැයි මේ කට්ටිය මොකද කරන්නේ? මිල තීරණය කරාම, තමන්ට පුළුවන් වෙලාවට, ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මිල තීරණය කරනකොට ලාභයක් ලබන්න පුළුවන් වෙලාවට, අධික ලාභයක් ලබන්න පුළුවන් වෙනකොට අර මිලට විකුණනවා. හැබැයි ලාභයක් යම්කිසි පොඩි ගාණකින් ලාභයක් ලබන්න පුළුවන් විදිහට, Margine එකක් යම්කිසි (Break-even) එ කියන්නේ , ලාභත් නැතුව පාඩුත් නැතුව අපි හිතමුකෝ මිල තීරණය කරනවා කියලා . අන්න ඒ වෙලාවට කරන්නේ මොකක්ද? තමන්ගේ ව්‍යාපාරවලින් අයින් වෙනවා. මේක කරන්න නම් සමාගම් ලංකාවට ගෙන්න ඕනේද?”

සරණ ගුණවර්ධනගේ බිරිඳ ඇතුළු තිදෙනා තවදුරටත් රිමාන්ඩ්

සරණ ගුණවර්ධනගේ බිරිඳ ඇතුළු තිදෙනා තවදුරටත් රිමාන්ඩ්

ක්‍රිෂ් ගනුදෙනුව - නාමල් රාජපක්ෂ සහ ජානකී සිරිවර්ධන තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට

ක්‍රිෂ් ගනුදෙනුව - නාමල් රාජපක්ෂ සහ ජානකී සිරිවර්ධන තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට