ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රතිව්‍යුහගත කිරීමේ පනත් කෙටුම්පත් පාර්ලිමේන්තුවට
ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා වන පනත් කෙටුම්පත අද (06) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ.
පාර්ලිමේන්තුන්තු කටයුතු පිළිබඳ ක්‍රියාපටිපාටියට අනුකූලව මෙම පනත් කෙටුම්පත් ද්විත්වය පළමු වර කියවීම සඳහා මෙලෙස සභාවට ඉදිරිපත් කර ඇත.
ඒ අනුව, අදාළ පනත් කෙටුම්පත් කෙටුම්පත් කර ඇති ආකාරය පිළිබඳ මහජනතාවට සහ පාර්ශවකරුවන්ට අභියෝග කිරීමට හෝ අදහස් දැක්වීමට නීත්‍යානුකූල කාලය හිමිවන අතර, ඉදිරි පාර්ලිමේන්තු දිනයන්හිදී ඊට අදාළ ඊළඟ ව්‍යවස්ථාදායක ක්‍රියාමාර්ග ගැනීමට නියමිතව තිබේ.