ලංවිම පාඩුව ගැන සජිත්ගෙන් හෙළිදරව්වක්
විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා සිටින්නේ අකාර්යක්ෂම කළමනාකරණය හේතුවෙන් විදුලි බල මණ්ඩලය ලබන පාඩුව ජනතාව මත පැටවීම නතර කළ යුතු බවයි.
මේ වසරේ පළමු කාර්තුවේ දී විදුලි බල මණ්ඩලය බිලියන 18ක පාඩුවක් ලැබීම ආණ්ඩුවේ කළමනාකරණ දුර්වලතාව මනාව පෙන්නුම් කිරීමක් බවයි බවයි නිවේදනයක් නිකුත් කරමින් විපක්ෂ නායකවරයා පෙන්වා දෙන්නේ.
මෙම පාඩුව ජනතාව මත පටවමින් සියයට 20කට ආසන්න විදුලි ගාස්තු වැඩිකිරීමකට රජය කටයුතු කරමින් සිටින්නේ ජනතාවට ලබාදුන් පොරොන්දු අමතක කරමින් බව ඒ මහතා වැඩිදුරටත් කියා සිටියා.
රජය පොරොන්දු වූ ආකාරයට විදුලි බිල තවත් සියයට 13කින් අඩු කිරීමට තිබියදී මේ ආකාරයෙන් විදුලි බිල වැඩි කිරීමට ගෙන ඇති තීරණය තරයේ හෙළාදකින අතර මෙම තීරණයට එරෙහිව ජනතාව සමග එකට සිට ප්‍රජාතන්ත්‍රවාදී සටනක නිරත වීමට සමගි ජනබලවේගය කිසිසේත් පසුබට නොවන බව සිය නිවේදනය මගින් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පෙන්වා දී තිබෙනවා.
