ඉරානෙට ගහපු එක ලොකු වරදක් - සජිත් පර්ලිමේන්තුවේ දී කට අරියි

Report

ඉරානයට එල්ල වූ ප්‍රහාරය තරයේ හෙලා දකින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද දිනයේදී (02) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

එහිදී අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා සඳහන් කරේ,

මැදපෙරදිග අර්බුදය ගැන රජයේ නිල ස්ථාවරය ගැන ජනපති කියයි

මැදපෙරදිග අර්බුදය ගැන රජයේ නිල ස්ථාවරය ගැන ජනපති කියයි

මෙම ප්‍රහාරය ජාත්‍යන්තර නීති උල්ලංඝනය කිරීමක් බව කිව යුතුයි.ඉරානයට එල්ල කරන ලද ප්‍රහාරය ස්වෛරී රටකට එල්ල කරන ලද ප්‍රහාරයක්.එය එරට ස්වෛරීත්වය භෞමික අඛණ්ඩතාවය උල්ලංඝනය කරන ලද අවස්ථාවක්.රජයත් මේ ප්‍රහාරය හෙලා දැක ප්‍රකාශයක් නිකුත් කළොත් හොඳයි.ඒකට අප බය වෙන්න හොඳ නෑ.යුදමය තත්ත්වය නිසා නිර්මාණය වී තිබෙන ව්‍යාකූලත්වය තුළ අප රටක් ලෙස පිරිසිදු ස්ථාවරත්වයක සිටිය යුතුයි.ඒ නිසා අප බෙදෙන්නේ නැතිව මේ ස්ථාවරය රටේ ස්ථාවරය ලෙස ඉදිරිපත් කිරීම වැදගත්.

යන අදහසකි.

මේ වන විට ඇමරිකාව ඊශ්‍රායලය එකතු වී ඉරානයට විරුද්ධව දරුණු ක්‍රියාමාර්ග ගැනීමත් සමග රටවල් රැසක් අගතියට පත්ව තිබේ.

යුධ ගිනිදැල්වලින් ඉරානයේ ඉතිහාසය විනාශ වෙයි - ලෝක උරුමයට එල්ල වූ ප්‍රහාරය නිසා යුනෙස්කෝවත් කැළඹේ

යුධ ගිනිදැල්වලින් ඉරානයේ ඉතිහාසය විනාශ වෙයි - ලෝක උරුමයට එල්ල වූ ප්‍රහාරය නිසා යුනෙස්කෝවත් කැළඹේ