එළඹෙන මහ මැතිවරණය ගැන සජිත් ප්‍රේමදාසගෙන් විශේෂ ප්‍රකාශයක් මෙන්න..

Sajith Premadasa Sri Lanka Politician Samagi Jana Balawegaya Election Latest Headlines
By krishani Oct 20, 2024 12:00 PM GMT
krishani

krishani

Report

සමගි ජන බලවේගයේ සහ සමගි ජන සන්ධානයේ නායක සජිත් ප්‍රේමදාස මහතා විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.

ඒ මෙවර මැතිවරණයේදී රට බංකොලොත්භාවයෙන් මුදවා ගත හැක්කේ කාටද කියා ජනතාව තීන්දු කළ යුතු බවයි.

ඒ මහතා මේ බව පැවසුවේ අද (20) රත්මලාන මැතිවරණ බලප්‍රදේශයේ පැවැත්වූ ජන හමුවක් අමතමින් ය.

එහිදී ඔහු කියා සිටියේ රට බංකොලොත්භාවයෙන් මුදවා ගන්නට අවශ්‍ය දර්ශනය වැඩපිළිවෙළ ඇත්තේ සමගි ජන බලවේගයට බවයි.

රාජ්‍ය සේවක වැටුපට මොකක් වෙයි ද?. පාසල් දරුවන්ටත් දීමනාවක්.. මාලිමා ආණ්ඩුව කරන්න යන දෙය මෙන්න..

රාජ්‍ය සේවක වැටුපට මොකක් වෙයි ද?. පාසල් දරුවන්ටත් දීමනාවක්.. මාලිමා ආණ්ඩුව කරන්න යන දෙය මෙන්න..


එමෙන්ම ජනාධිපතිවරණයේ දී සමගි ජන බලවේග ප්‍රතිපත්ති ප්‍රකාශන ඉදිරිපත් කළ බවත් 'සැමට ජයක්' නිර්මාණය කරන වැඩසටහන් රැසක් ඉදිරිපත් කළ බවත් මෙවර මහ මැතිවරණයේ දී 'හුස්ම ගන්න රටක් සක්වල දිනන හෙටක්' ඉදිරිපත් කරන බවත් සජිත් ප්‍රේමදාස කියා සිටියේ ය.

අදටත් අප රට බංකොලොත් වී ණය ගෙවා ගත නොහැකි බවත් මැතිවරණ පැවැත්වුවා කියා බංකොලොත්භාවය නැති නොවන බවත් ඔහු අවධාරණය කළේ ය.

අගමැතිනී හරිනි මුණ ගැහෙන්න ආසියානු සංවර්ධන බැංකුවේ ප්‍රධානියෙක් ඇවිත්.. වෙලා තියෙන දෙය මෙන්න..

අගමැතිනී හරිනි මුණ ගැහෙන්න ආසියානු සංවර්ධන බැංකුවේ ප්‍රධානියෙක් ඇවිත්.. වෙලා තියෙන දෙය මෙන්න..


එමෙන්ම, IMF එක 2033 සිට ණය ගෙවන්න කිව්වත් හිටපු ජනාධිපති සහ රජය 2028 සිට ණය ගෙවන්න තීන්දු කර ඇති බවත් 2028 සිට එනම් තවත් වසර 4කින් ණය ගෙවන්න නම් ආර්ථිකය වර්ධනය විය යුතු බවත් ඒ ඉලක්ක කරා යන්න නොහැකි වුවහොත් 2028 දීත් බංකොලොත් විය හැකි බවත් ඔහු පවසා සිටියේ ය.

කෙසේ වෙතත්, අපනයන කේන්ද්‍රීය ආර්ථිකයක් ඇති කරන්න අපනයන වැඩි කර සෘජු විදේශ ආයෝජන වැඩි වුවහොත් පමණක් ණය ගෙවිය හැකි බවත් මේ බංකොලොත්භාවයෙන් රට ගොඩගත හැකි ආර්ථික ප්‍රතිපත්තියක් රටේ ක්‍රියාත්මක විය යුතු බවත් දිගින් දිගටම බංකොලොත් භාවයෙන් සිටිය නොහැකි බවත් සජිත් ප්‍රේමදාස වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ ය.