තත්ත්වයෙන් බාල ඩීසල් මෙට්‍රික් ටොන් 40000ක් හොර පාරෙන් එළියට? -මෙරට සිදුවූ තවත් ප්‍රබල වංචාවක් ගැන විපක්ෂ නායකවරයාගෙන් අනාවරණයක්

Ceylon Petroleum Corporation Sajith Premadasa Sri Lanka Lanka IOC
By Sithumi Nov 07, 2023 10:34 AM GMT
Sithumi

Sithumi

Report

කොළඹ වරාය වෙත ඩීසල් මෙට්‍රික් ටොන් 40000ක් රැගත් FOS Power නම් නෞකාවක් පැමිණ ඇති අතර එම නෞකාවේ ඉන්ධන සාම්පල පරීක්ෂාවේදී එම ඉන්ධන නියමිත තත්ත්වයෙන් නොමැති බවට රසායනගාර වාර්තා 2කින් තහවුරු කර ඇති මුත් එම ඉන්ධන කොලොන්නාවේ සිට පාරිභෝගිකයන් වෙත යොමු කිරීමට සූදානමක් ඇති බවට වාර්තා වන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (7) පාර්ලිමේන්තුවේදී අනාවරණය කළා.

මෙම පරීක්ෂණ වාර්තාව ඉන්දීය තෙල් සමාගමේ ඉල්ලීම පරිදි සිදු කර ඇති බවත් පසුගිය 5 වැනිදා සහ 6 වැනිදා සිදුකළ වාර්තා තුළින් මෙම ඉන්ධන තත්ත්වයෙන් බාල බවට නිගමනය කර ඇති බවත් එවැනි බාල බවට තහවුරු වී තිබියදීත් බෙදා හරින්න තීරණය කිරීම බරපතල කාරණාවක් බවත් මෙය සාක්ෂි සහිතව සනාථ කළ හැකි බවත් විපක්ෂ නායකවරයා පවසා තිබෙනවා.

පසුගිය ඔක්තෝබර් 30 සිංගප්පූරුවේ සිට පිටත්වී ඇති මෙම නෞකාව කොළඹට නොවැම්බර් 5 වැනිදා පැමිණ ඇති බවත් මෙය දූෂිත ගණුදෙනුවක් බැවින් අගමැතිවරයා මූලික වී මේ පිළිබඳ පරීක්ෂණයක් පවත්වා සත්‍ය තොරතුරු අනාවරණය කළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසුවා.

ReeCha