ජනාධිපතිවරණය ගැන විපක්ශ නායකගෙන් දැඩි තීරණයක්

Report

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සදහන් කරන්නේ, නියමිත කාලයට ප්‍රථම ජනාධිපතිවරණය පැවැත්වීමේ යෝජනාවට විපක්ෂයේ පූර්ණ සහාය ලබාදෙන බවයි.

සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේ ජනාධිපතිවරණය කඩිනමින් පැවැත්වීමට අදාළ අණපනත් සහ රෙගුලාසි ගෙන ඒම සඳහා අවශ්‍ය සියලු සහයෝගය විපක්ෂයක් ලෙස ලබාදීමට සූදානම් බවය.

අද(16) විපක්ෂයේ පක්ෂ එකමුතුවේ විධායක කමිටු හමුවට එක් වෙමින් සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේ රජයේ කාලසටහන්වලට සුදුසුවන පරිදි මැතිවරණ සිතියම් නිර්මාණය කිරීම ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවක් නොවන බවය.

ඔහු පෙන්වා දෙන්නේ මැතිවරණ සිතියම ජනාධිපතිවරයාගේ හෝ ඔහුට සහය ලබාදෙන පාර්ශවවල අභිමතය පරිදි සකස් කිරීම වැරදි ක්‍රියාවක් බවය.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...  
Join Now