සජිත්ට යළිත් නායකත්වය හිමිවෙයි..! අලුත් වූ තනතුරු මෙන්න..
සමගි ජන බලවේගයේ වාර්ෂික සමුළුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස යළිත් එහි නායකයන් ලෙස ඒකමතිකව තේරී පත්ව තිබේ.
මේ අතර සමගි ජන බලවේගයේ සභාපති ලෙස ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පත්කර ඇත.
රංජිත් මද්දුමබණ්ඩාර මහතා පක්ෂ ලේකම්වරයා ලෙසත් ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පක්ෂ භාණ්ඩාගාරික ලෙසත් පත්ව තිබේ.
සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක ලෙස තිස්ස අත්තනායක මහතා පත්ව ඇත.
සමගි බලවේග වාර්ෂික සමුළුව අද බොරැල්ල කැම්බල් පිටියේදී පැවැත්වුණා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |