නව අගමැති ලෙස සජිත් පත්වෙයි?..භාරගන්න විදියත් කියයි.

Report

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉවත් වුවහොත් නව ආණ්ඩුවක අග්‍රාමාත්‍ය ධූරය භාර ගැනීමට සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල ප්‍රකාශ කර තිබෙනවා.

මේ අතර පවත්නා නොසන්සුන්කාරී වාතාවරණයට විසඳුමක් සොයාගැනීමට නම් පොදුවේ ගෞරවයට පාත්‍ර වූ, දේශපාලන පළපුරුද්ද ඇති බුද්ධිමතකු ජාතික ලැයිස්තුවෙන් හෝ පත්කරවාගෙන අගමැතිධූරයේ පිහිටුවීම වහා කළ යුත්තක් බව තිරිකුණාමලේ ආනන්ද අමරපුර ශ්‍රී ධර්මරක්‍ෂිත මහා නිකායේ මහ නා හිමියෝ ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාට විවෘත සංදේශයක් යොමු කරමින් සඳහන් කර තිබේ.

දැනටමත් ඒ සඳහා හිටපු කතානායක කරු ජයසූරිය මහතාගේ නම යෝජනා වී ඇති බව දැනගන්නට ඇතැයි ද මහ නා හිමියන් සඳහන් කර ඇත.

උන්වහන්සේ ජනාධිපතිවරයාට යොමු කළ ලිපිය පහත දැක්වේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now