යුක්තිය සාධාරණත්වය වෙනුවෙන් ඕනැම අවස්ථාවක පෙනී සිටිනවා සජිත් කියයි
මෙරට විදේශ රැකියා ආයතන දෙකක් හේතුවෙන් 640කට වැඩි පිරිසක් ගැටළුවකට පත් ව සිටින අතර ඔවුන්ගෙන් රුපියල් කෝටි 86ත් 90ත් අතර මුදලක් අදාළ ආයතන විසින් වංචා කර තිබෙන බැවින් නැවත වරක් ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට කරුණු ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සදහන් කර තිබේ.
මෙම පිරිසට අවශ්‍ය නීති සහාය මුදල් අය කිරීමකින් තොරව ලබාදෙන බවත් ඔවුන් වෙනුවෙන් සමගි ජන බලවේගය පෙනී සිටින වගත් විපක්ෂනායකවරයා සදහන් කර ඇත.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව සදහන් කළේ අද (20) නුගේගොඩ ගංගොඩවිල උසාවිය අසල දී අගතියට පත් පාර්ශ්වයන් විසින් පැවැත්වු සාමකාමී විරෝධතාවක් හා එක්වෙමිනි.
එහිදී තව දුරටත් අදහස් දැක්වූ එතුමා යුක්තිය සාධාරණත්වය ඉටු කිරීමට ඕනැම අවස්ථාවක තමා පෙනී සිටින බව අවධාරණය කර ඇත.