පුරාවිද්‍යා උපාධිධාරීන්ට ඉතිහාසය උගන්වන්න තහංචියක් ටීචිං ගැසට්ටුවේ අසාධාරණයක් ගැන සජිත් කට අරියි

Report

ගුරු සේවයට උපාධිධාරීන් බඳවා ගැනීමේ ක්‍රියාවලිය සිදුවන අවස්ථාවේ පුරාවිද්‍යා විෂය ගැන ශාස්ත්‍රවේදී උපාධිධාරීන්ට අසාධාරණයක් සිදුවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සදහන් කර තිබේ.

  එතුමා සදහන් කළේ පුරාවිද්‍යා ක්ෂේත්‍රයේ උපාධිය ලැබූ මොවුන්ට ගුරු සේවයේ පාසල් පද්ධතියේ ඉතිහාසය ඉගැන්වීමේ අවස්ථාව අහිමි වී තිබෙන බවයි.

 අද පුරාවිද්‍යාව පිළිබඳ ශාස්ත්‍රවේදී උපාධිධාරීන්ගේ ගැටලුව සම්බන්ධයෙන් සොයා බැලූ අවස්ථාවේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව ප්‍රකාශ කර තිබේ.

විපක්ෂ නායක කාර්යාලයේ දී පුරාවිද්‍යාව පිළිබඳ ශාස්ත්‍රවේදී උපාධිධාරීන්ගේ පිරිසක් පැමිණ සිය ගැටලු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවේ ඉදිරිපත් කර තිබුණි.

 මේ ගැටලුව 2023 උද්ගත වූ අවස්ථාවේ පළාත් සභා මට්ටමින් මේ ගැටලුව විසඳූ බවත් පළාත් සභා මට්ටමින් පුරාවිද්‍යා උපාධිධාරීන් ඉතිහාස විෂය ඉගැන්වීමට අවස්ථාව ලැබුණත් 2026 වසරේ ගුරු විභාගයේ දී මේ අවස්ථාව අහිමිව ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

පුරාවිද්‍යා ක්ෂේත්‍රයේ උපාධිය ලබන මේ අය රටටත් පුරාවිද්‍යා ක්ෂේත්‍රයට සංස්කෘතික උරුමය සුරක්ෂා කිරීමට මෙන්ම සංචාරක ව්‍යාපාරය වෙනුවෙන්ද විශාල වැඩකොටසක් කළ හැකි බවත් මොවුන්ට ඉතිහාස විෂය ඉගැන්වීමේ වරම අහිමි කර ඇත්තේ ඇයි ද කියා ගැටලුවක්  පවතින බව   විපක්ෂ නායකවරයා   සදහන් කරයි.

''වත්මන් ආණ්ඩුව ඉතිහාසය වෙනස්කරමින් ඉන්නවා'' ලාල් කාන්ත

''වත්මන් ආණ්ඩුව ඉතිහාසය වෙනස්කරමින් ඉන්නවා'' ලාල් කාන්ත

මොවුන්ට ඉතිහාස විෂය ඉගැන්වීමේ සුදුසුකම් ඇති නිසා 2023 හරියට බදවා ගත්තත් අද ජාතික මට්ටමේ ගුරු විභාගය පවත්වන විට පුරාවිද්‍යා ක්ෂේත්‍රයේ උපාධිධාරීන්ට ඉතිහාස විෂය ඉගැන්වීමේ වරම අහිමි කර තිබෙන බව විපක්ෂ නායකවරයා ප්‍රකාශ කර තිබේ.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මේ සම්බන්ධව තවදුරටත් ප්‍රකාශ කළේ මෙවර ගුරු සේවයට උපාධිධාරීන් බඳවා ගැනිමේ ක්‍රමවේදයේ ගැටලු රැසක් තිබෙන බවත් මේ පුරාවිද්‍යා උපාධිධාරීන් බඳවා නොගැනීම ද එක් ගැටලුවක් නිසා මොවුන් බඳවා ගත යුතු බවයි .

විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම ගැන අලුත්ම ආරංචිය

විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම ගැන අලුත්ම ආරංචිය