සජිත් සමඟ විවාදයට අනුර තනියම ITN එකට එයි..ස්වාධීන රූපවාහිනියට සජිත් එවපු දේ මෙන්න..(VIDEO/PHOTOS)

Anura Kumara Dissanayaka Sajith Premadasa Sri Lanka Politician Janatha Vimukthi Peramuna Samagi Jana Balawegaya
By Aruna Jun 06, 2024 06:16 PM GMT
Aruna

Aruna

Report

සමගි ජන බලවේග නායක සජිත් ප්‍රේමදාස හා ජාතික ජනබලවේග නායක අනුර දිසානායක මහත්වරුන් අතර ස්වාධීන රූපවාහිනිය විසින් අද ආරාධනා කර ඇති විවාදය සඳහා සහභාගීන් නොවන බව සමගි ජනබලවේගය දැනුම්දී තිබෙනවා.

තම පක්ෂය ජාතික ජන බලවේගයට ආරාධනා කළේ මුලින් ආර්ථික කමිටු විවාදයත් පසුව නායකත්ව විවාදයක් පැවැත්වීමට බවයි, එම පක්ෂයේ විවාද සම්බන්ධීකාරක පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පෙන්වා දෙන්නේ.

ලොව හොඳම විශ්වවිද්‍යාල අතරට මෙරට විශ්වවිද්‍යාලයක් තේරීපත් වෙයි..අනෙක් විශ්වවිද්‍යාල වලට හිමිවූ තැන මෙන්න..

ලොව හොඳම විශ්වවිද්‍යාල අතරට මෙරට විශ්වවිද්‍යාලයක් තේරීපත් වෙයි..අනෙක් විශ්වවිද්‍යාල වලට හිමිවූ තැන මෙන්න..


නමුත් ඔවුන් ආර්ථික කමිටු විවාදය සම්පූර්ණයෙන්ම මගහැර දෙපාර්ශවයේ කිසිම එකගතාවකින් තොරව ස්වාධීන රූපවාහිනිය සමග මෙම විවාදය සඳහා සහභාගි වීමට තීරණය කර ඇති බවයි.

මේ බව දැනුම් දෙමින් ස්වාධීන රූපවාහිනි ආයතන වෙත මන්ත්‍රීවරයා විසින් යොමු කර ඇති ලිපිය පහතින් බලන්න.

කෙසේවෙතත් අනුර කුමාර දිසානායක මහතා සමග ස්වාධීන රූපවාහිනියේ මේ වන විට එම වැඩසටහන සජීවීව පවත්වමින් පවතී.

එම වැඩසටහන පහතින් නරඹන්න.


Gallery