ලොව හොඳම විශ්වවිද්‍යාල අතරට මෙරට විශ්වවිද්‍යාලයක් තේරීපත් වෙයි..අනෙක් විශ්වවිද්‍යාල වලට හිමිවූ තැන මෙන්න..

Ministry of Education University of Colombo University of Peradeniya University of Sri Jayawardenapura Education
By Aruna Jun 06, 2024 02:19 AM GMT
Aruna

Aruna

Report

ලෝකයේ විශ්වවිද්‍යාල වර්ගීකරණයට අනුව, 2024 වසරේ කොළඹ විශ්වවිද්‍යාලය 951වැනි ස්ථානය ලබාගෙන තිබෙනවා.

උප කුලපති ජේෂ්ඨ මහාචාර්ය එච්. ඩී. කරුණාරත්න මහතා පැවසුවේ, කොළඹ විශ්වවිද්‍යාලය ලොව හොඳම විශ්වවිද්‍යාල දහස අතරට එක් වූ ප්‍රථම අවස්ථාව මෙය බවයි.

ලොව හොඳම විශ්වවිද්‍යාල අතරට මෙරට විශ්වවිද්‍යාලයක් තේරීපත් වෙයි..අනෙක් විශ්වවිද්‍යාල වලට හිමිවූ තැන මෙන්න.. | Best Colombo University Of Sri Lanka

ගුරු - ශිෂ්‍ය අනුපාතය,,විශ්ව විද්‍යාල ආචාර්ය මණ්ඩලය විසින් ලෝකය පුරා කරනු ලැබූ පර්යේෂණ, ඔවුන් ජාත්‍යන්තර සඟරාදියෙහි පළකළ පර්යේෂණ ලිපි ප්‍රමාණ, ජාත්‍යන්තර කරණයට ලක් වීමේ ප්‍රතිශතය, ඇතුළු කරුණු 8ක් මේ වර්ගීකරණය සඳහා පාදක කොට ගෙන තිබෙන බවයි පැවසෙන්නේ.

උපකුලපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ, මෙරට පැරණිතම විශ්වවිද්‍යාලය ලෙසත් වැඩිම සිසුන් පිරිසක් අධ්‍යාපනය ලබන විශ්ව විද්‍යාලය ලෙසත්, වාර්තාගත කොළඹ විශ්වවිද්‍යාලය පහුගිය වසර කීපය දියත් කරන ලද තිරසර සංවර්ධන අභිමතාර්ථ වැඩපිළිවෙළ මෙම ජයග්‍රහණයට බෙහෙවින්හේතු වූ බවයි.

රට පුරා පාසල් පැවැත්වීම සම්බන්ධයෙන් දැනුම්දීමක්..

රට පුරා පාසල් පැවැත්වීම සම්බන්ධයෙන් දැනුම්දීමක්..


එමෙන්ම ශ්‍රී ලංකාවේ අංක එක ලෙස ද කොළඹ විශ්වවිද්‍යාලය තේරී පත්ව තිබෙන අතර මෙම ශ්‍රේණිගත කිරීම්වලට අනුව ඉතිහාසයේ ප්‍රථම වරට කොළඹ විශ්වවිද්‍යාලය මෙසේ හොඳම විශ්වවිද්‍යාල දහස අතරට පත්වීම විශේෂත්වයක්.

ඒ අනුව, කොළඹ විශ්වවිද්‍යාලය 951-1000 ස්ථානයට පැමිණ ඇත.

මින් පෙර වසරේදී කොළඹ විශ්විවිද්‍යාලය පැවැතියේ 1001ත් 1200ත් අතර අගයකයි.

මීට අමතරව පසුගිය වසරේදී ලැයිස්තුවට ඇතුළත් නොවූ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය මෙවර 1201-1400ත් අතරට පැමිණ තිබෙන අතර, පේරාදෙණිය විශ්වවිද්‍යාලය පසුගිය වසරේ පැවැති 1201-1400ත් අතර ස්ථානයේ මෙවරත් රැඳී සිටිනවා.

17ත් හැවිරිදි තරුණ යුවලක් මහ රෑ දිය ඇල්ලකින් පහලට පනී..අනතුරුව සිදු වූ දේ මෙන්න..

17ත් හැවිරිදි තරුණ යුවලක් මහ රෑ දිය ඇල්ලකින් පහලට පනී..අනතුරුව සිදු වූ දේ මෙන්න..


මෙම වර්ගීකරණය මේ මාසයේදී සිදු කර තිබෙන නිදහස් අධ්‍යාපනය ලබන සිසුන් 14,000කට අධික සංඛ්‍යාවක් ඇති කොළඹ විශ්වවිද්‍යාලයේ මෙම ජයග්‍රහණය සමස්ත සිසුන්ගේ, අධ්‍යයන අනධ්‍යයන සියලු සේවකයන්ගේ කැපවීමේ ප්‍රතිඵලයක් බවට උපකුලපති මහාචාර්ය එච්.ඩී. කරුණාරත්න මහතා සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් පවසා තිබේ.