ලක්ෂ 369ක බදු නොගෙව්වට හේතු කියන්න සජින් වාස්ට නියෝග

Report

රුපියල් ලක්ෂ 369ක අධික ආදායම් බදු නොගෙවීම සම්බන්ධයෙන් හේතු ඇත්නම් ඒවා ලිඛිතව දෙසැම්බර් 16 වනදා අධිකරණය හමුවේ ගොනුකිරීමට පියවර ගන්නා ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (22) හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතාට නියෝග කළේය.

මෙම පැමිණිල්ල අද කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ඕෂධ මිගාර මහාරච්චි මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.

දෙමව්පියෝ බයවෙන්න එපා පාසල් දරුවන්ගෙන් මේ විෂයන් දෙක අයින් කරන්නේ නෑ - ගුරු වෘත්තීයටත් සාකච්චා

දෙමව්පියෝ බයවෙන්න එපා පාසල් දරුවන්ගෙන් මේ විෂයන් දෙක අයින් කරන්නේ නෑ - ගුරු වෘත්තීයටත් සාකච්චා

රුපියල් 36975959.00 ක පුද්ගල ආදායම් බදු නොගෙවීම් සම්බන්ධයෙන් සචින්ද වාස් මහතාට එරෙහිව දේශීය ආදායම් කොමසාරිස්වරයා පවරා තිබූ නඩුව කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කෙරිණි.

ඊයේ මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී ඇප මත සිටින වාස් ගුණවර්ධන මහතා අධිකරණයේ පෙනී සිටීයේය. වග උත්තරකාර ගුණවර්ධන මහතා වෙනුවෙන් නීතීඥ ජීවන්ත ජයතිලක මහතා කරුණු දක්වමින් කියා සිටියේ මහේස්ත්‍රාත් අධිකරණ නඩුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනුකොට ඇති බවය.

මම දුමින්ද සිල්වට සමාව දෙනවා - කෙනෙක් නිසා වෙනස් වුණු හිරුණිකාගෙන් දුමින්දට සමාව

මම දුමින්ද සිල්වට සමාව දෙනවා - කෙනෙක් නිසා වෙනස් වුණු හිරුණිකාගෙන් දුමින්දට සමාව

එම පෙත්සම 2026 මාර්තු මස 26 වැනි දින කැඳවීමට නියමිත බවද පැවසීය. දේශීය ආදායම් කොමසාරිස්වරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ දිනේෂ් පෙරේරා මහතා කරුණු දක්වමින් ශ්‍රේෂ්ඨාධිකරණය මගින් කිසිදු නියෝගයක් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට නිකුත් කොට නොමැති බවත්,මෙම නඩුව පවරා පවත්වාගෙන යෑමට කිසිදු බාධාවක් මේ වන විට නොමැති බවත් සඳහන් කළේය.

දෙමව්පියෝ බයවෙන්න එපා පාසල් දරුවන්ගෙන් මේ විෂයන් දෙක අයින් කරන්නේ නෑ - ගුරු වෘත්තීයටත් සාකච්චා

දෙමව්පියෝ බයවෙන්න එපා පාසල් දරුවන්ගෙන් මේ විෂයන් දෙක අයින් කරන්නේ නෑ - ගුරු වෘත්තීයටත් සාකච්චා

2010,2011 හා 2012 වර්ෂ වලට අදාළව ආදායම් බදු රුපියල් 36975959.00 ක් නොගෙවීම් සම්බන්ධයෙන් සචින්ද වාස් මහතාට එරෙහිව දේශීය ආදායම් කොමසාරිස්වරයා විසින් මෙම නඩුව පවරා ඇත. දෙපාර්ශවයේ කරුණු සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත්වරයා ආදායම් බදු තවදුරටත් නොගෙවා සිටීමට හේතුව ඇත්නම් දෙසැම්බර් 16 දින ලිඛිතව අධිකරණය හමුවේ කරුණු ගොණු කරන ලෙසට නියෝග කළේය.