සාගරිකා පීලි පැනීමෙන් පසු දුම්රිය ධාවනය සිදුවන ආකාරය ගැන විශේෂ දැනුම්දීමක්
බෙලිඅත්තේ සිට මරදාන බලා ධාවනය වූ "සාගරිකා" සීඝ්‍රගාමී දුම්රිය අද (24) උදෑසන වාද්දූව ප්‍රදේශයේදී පීලි පැනීමට ලක්වීමෙන් මුහුදුබඩ දුම්රිය මාර්ගයේ මන්තීරු දෙකම අවහිර වී ඇති අතර, එම බාධාව මධ්‍යයේ වුවද කාර්යාල දුම්රිය සේවා අවලංගු නොකර පවත්වාගෙන යාමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
ඒ අනුව, මගීන් පීලි පැනීම සිදුවූ ස්ථානය දක්වා දුම්රියෙන් ප්‍රවාහනය කර, එතැන් සිට වෙනත් දුම්රියකට මාරු කරවා ගමනාන්ත දක්වා රැගෙන යාමට සැලසුම් කර ඇති බව වාර්තා වේ.
කෙසේ වෙතත්, මෙම තත්ත්වය හමුවේ දුරගමන් දුම්රිය ධාවනය කරන ආකාරය පිළිබඳ මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති අතර, පීලි පැනීමට ලක්වූ දුම්රිය යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇත.