ඇමරිකාවේ රාජ්‍ය ලේකම්වරියගේ අත්සනත් හොරට ගහලා - ලංකාව හොල්ලපු ජාත්‍යන්තර සයිබර් ජාවාරම CID දැලට කොටු වූ බිහිසුණු මොහොත

Report

කූඨ ලේඛන සකස් කරමින් අන්තර්ජාලය ඔස්සේ මූල්‍ය ජාවාරම් සිදුකළ බවට සැකපිට චීන ජාතිකයින් 17 දෙනෙකු සහ ලාඕස් ජාතික තරුණියක් පොලිස් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය (CID) විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

කිරිබත්ගොඩ සහ කොල්ලුපිටිය ප්‍රදේශවල ඊයේ (10) රාත්‍රියේ සිදුකළ විශේෂ මෙහෙයුමකදී මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් අතර ආගමන හා විගමන නීති උල්ලංඝනය කරමින් මෙරට රැඳී සිටි පුද්ගලයින් ද සිටින බව පොලීසිය සඳහන් කළේය.

ලුණුගම්වෙහෙරේදී අධිවේගී බස් රථයක් සහ බදුල්ල බස් රථයක් මුහුණට මුහුණ ගැටී බිහිසුණු අනතුරක්

ලුණුගම්වෙහෙරේදී අධිවේගී බස් රථයක් සහ බදුල්ල බස් රථයක් මුහුණට මුහුණ ගැටී බිහිසුණු අනතුරක්

සැකකරුවන් සතුව තිබී හිමිකරු නොමැති විදේශ ගමන් බලපත්‍ර 62ක්, අපරාධ සඳහා යොදාගත් බවට සැක කෙරෙන ජංගම දුරකථන සහ විද්‍යුත් උපකරණ රැසක්, ශ්‍රී ලංකා සහ විදේශීය මුදල් තොගයක්, නීති විරෝධීව මෙරටට ගෙන්වන ලද දුම්වැටි 2,000කට ආසන්න ප්‍රමාණයක් මෙන්ම කූඨ ලේඛන සැකසීමට භාවිත කළ බවට සැක කෙරෙන උපකරණ රැසක් ද සොයාගෙන තිබේ.

එමෙන්ම, ඇමරිකා එක්සත් ජනපදයේ කොලරාඩෝ ප්‍රාන්ත රාජ්‍ය ලේකම්වරියගේ අත්සන සහිත ව්‍යාජ ලියකියවිලි සහ කැලිෆෝනියා ප්‍රාන්තයට අදාළ ව්‍යාජ ලේඛන තොගයක් ද සැකකරුවන් සතුව තිබී සොයාගත් බව වාර්තා වේ.

“මම උද්ධමනයට ආදරෙයි” - බඩු මිල අහස උසට යද්දී ට්‍රම්ප් ලෝකයම හොල්ලපු හැටි

“මම උද්ධමනයට ආදරෙයි” - බඩු මිල අහස උසට යද්දී ට්‍රම්ප් ලෝකයම හොල්ලපු හැටි

රාජ්‍ය බුද්ධි සේවය සහ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය එක්ව සිදුකළ මෙහෙයුමක ප්‍රතිඵලයක් ලෙස මෙම අත්අඩංගුවට ගැනීම සිදුව ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ සැකකාරිය අද (11) මහර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර, සිද්ධිය සම්බන්ධයෙන් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යයි.

දෙව්ලොවෙන් බැහැපු සුරදූතියෝ දෙන්නෙක් වගේ ඒ දෙන්නගේ ලස්සන - රසිකයින් පිස්සු වට්ටපු වීඩියෝව සමාජ මාධ්‍ය හොල්ලයි

දෙව්ලොවෙන් බැහැපු සුරදූතියෝ දෙන්නෙක් වගේ ඒ දෙන්නගේ ලස්සන - රසිකයින් පිස්සු වට්ටපු වීඩියෝව සමාජ මාධ්‍ය හොල්ලයි