දේශපාලන පෙරළියක්.. හිටපු ජනපති රනිල්ගේ ප්‍රධානත්වයෙන් එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය හදිසියේ රැස්වූ හේතුව
අද (11) දින පස්වරුවේ එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම පවත්වා ඇත.
ඒ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්.
එමෙන්ම පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයින් බහුතරයක් සහභාගී වූ මෙම රැස්වීම තුළදී වර්තමාන දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිචාරය හා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව පුළුල් සාකච්ඡාවක් සිදුකර ඇති බව පවසයි.
එමෙන්ම එහිදී පක්ෂ සංවිධානය නැවත ශක්තිමත් කිරීම සහ ප්‍රතිසංවිධානය කිරීමට ක්‍රියාත්මක කළ යුතු වැඩපිළිවෙළ සම්බන්ධයෙන් වැදගත් යෝජනා සහ අදහස් රැසක් ඉදිරිපත් කර තිබෙන බව සඳහන්.
ඊට අමතරව අනෙකුත් දේශපාලන පක්ෂ, බලවේග සහ සිවිල් සංවිධාන සමඟ ඉදිරියේදී සම්බන්ධීකරණ කටයුතු සිදුකරන ආකාරය සම්බන්ධයෙන් ද කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයින් දැනුවත් කර ඇති බව වාර්තා වේ.
මේ අතර රැස්වීම අමතමින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දී ඇත්තේ තනි තනිව කටයුතු කිරීම වෙනුවට විවිධ බලවේග එක් කරගනිමින් ඉදිරි දේශපාලන අභියෝගවලට මුහුණදීමේ අවශ්‍යතාවය පවතින බවයි.
එසේම පක්ෂ මහලේකම් නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය විසින් පක්ෂයේ විනය නීති රීතිවලට පටහැනිව කටයුතු කළ පළාත් පාලන ආයතන නියෝජිතයින් සම්බන්ධයෙන් ගෙන ඇති විනය ක්‍රියාමාර්ග පිළිබඳව ද කෘත්‍යාධිකාරී මණ්ඩලය වෙත කරුණු ඉදිරිපත් කර ඇති බව සඳහන්.


