සාගරිකා වාද්දූවේදී පීලි පනී
බෙලිඅත්තේ සිට මරදාන බලා ධාවනය වෙමින් තිබූ සාගරිකා දුම්රිය අද (24) පෙරවරුවේ පීලි පැනීමට ලක්ව ඇත .
වාද්දූව දුම්රිය ස්ථානය ආසන්නයේ දී මෙලෙස පීලි පැනීමකට ලක්ව තිබේ දුම්රිය පිලී පැනීමත් සමග මන්තීරු දෙකම අවහිරවී ඇති අතර, ඒ හේතුවෙන් මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය එම ප්රදේශයෙන් ඉහළට මෙන්ම පහළටද බාධා එල්ල වී ඇත.
මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ගමනාගමනය මරදාන සිට වාද්දූව දක්වා ධාවනය වන අතර බෙලිඅත්ත, මාතර හා ගාල්ල සිට පැමිණෙන දුම්රිය දකුණු කළුතර දක්වා සීමා කොට තිබේ