“මම උද්ධමනයට ආදරෙයි” - බඩු මිල අහස උසට යද්දී ට්‍රම්ප් ලෝකයම හොල්ලපු හැටි

Report

ඉරානයට එරෙහිව ඇමරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය දියත් කර ඇති යුද මෙහෙයුම් හේතුවෙන් බලශක්ති මිල ගණන් ඉහළ යාමත් සමඟ, එක්සත් ජනපදයේ උද්ධමන අනුපාතය පසුගිය මාසයේ වසර තුනකින් වාර්තා වූ ඉහළම මට්ටමට ළඟා වී තිබේ.

එක්සත් ජනපද කම්කරු සංඛ්‍යාලේඛන කාර්යාංශය (BLS) නිකුත් කළ නවතම දත්තවලට අනුව, මැයි මාසයේ පාරිභෝගික මිල දර්ශකය පෙර වසරේ එම කාලයට සාපේක්ෂව සියයට 4.2කින් ඉහළ ගොස් ඇති අතර, එය 2023 වසරෙන් පසු වාර්තා වූ ඉහළම උද්ධමන අගය ලෙස සැලකේ.

මේ සම්බන්ධයෙන් ධවල මන්දිරයේදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළේ, “මම ඒ ගැන කිසිසේත් කනස්සල්ලට පත්වෙන්නේ නැහැ. මම එයට ආදරෙයි. සංඛ්‍යා විශිෂ්ටයි. මම ඇත්තටම ආදරය කරන්නේ උද්ධමනයටයි” යනුවෙනි.

විදුලිය නිපදවන්නෙත් නෑ - හැබැයි නිකන් ඉන්නවට වසරකට රුපියල් බිලියන 15ක් ගෙවන ලංකාවේ අමුතු බලාගාරය

විදුලිය නිපදවන්නෙත් නෑ - හැබැයි නිකන් ඉන්නවට වසරකට රුපියල් බිලියන 15ක් ගෙවන ලංකාවේ අමුතු බලාගාරය

ට්‍රම්ප්ගේ ප්‍රකාශය දේශපාලන සහ ආර්ථික ක්ෂේත්‍ර තුළ විවාදයට ලක්ව ඇති අතර, ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ ඉරානය සමඟ පවතින ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් තෙල් මිල ඉහළ ගියද, එක්සත් ජනපද හමුදා මෙහෙයුම් මඟින් ඉරාන තෙල් සැපයුම්වලට බලපෑම් එල්ල කිරීම හේතුවෙන් තෙල් මිල යම් මට්ටමකින් පාලනය වී ඇති බවයි.

ආර්ථික විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ, මැයි මාසයේ උද්ධමනය ඉහළ යාමට ප්‍රධාන වශයෙන් බලපා ඇත්තේ බලශක්ති සහ ඉන්ධන මිල ගණන් ඉහළ යාම බවත්, එය පාරිභෝගිකයන්ගේ ජීවන වියදමට සෘජුවම බලපාන බවත්ය.

ඇවිලුණු සෙනහසේ කැදල්ල වගේම තවත් ලියාපදිංචි නොකළ වැඩිහිටි නිවාස රැසක් - ලබන 15 රටේම කරන්න යන දේ

ඇවිලුණු සෙනහසේ කැදල්ල වගේම තවත් ලියාපදිංචි නොකළ වැඩිහිටි නිවාස රැසක් - ලබන 15 රටේම කරන්න යන දේ